Connect with us

පුවත්

මෙරට දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීමෙන් ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීමට ව්‍යාපෘතියක්

Published

on

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩේකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය විසින් ‘දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම ඔස්සේ ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීම’ යන නව ව්‍යාපෘතිය දියත් කරන ලදී. 

ජ්‍යෙෂ්ට රාජ්‍ය නිලධාරීන් රැසක් ද එම අවස්ථාවට සහභාගී විය.ශ්‍රී ලංකාවේ පවතින සමාජ-ආර්ථික අර්බුදය හේතුවෙන් මෙතෙක් අත්පත් කරගන්නා ලද සංවර්ධන ජයග්‍රහණ ආපසු හැරී තිබේ. රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන දායකත්වයක් සපයන ගැඹුරු මුල් බැසගත් හේතු ලෙස විනිවිදභාවය සහ වගවීම සම්බන්ධ අඩුපාඩු හඳුනාගෙන තිබේ. නව ව්‍යාපෘතිය මගින් නිශ්චිත කාලයක් තුළ ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදුකිරීම, පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව සහ වැඩිදියුණු කළ ආයතනික හැකියාව ඔස්සේ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සමාජ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. අස්ථාවරත්වයෙන් ගොඩ ඒමට සහ ඔරොත්තු දෙන, විශ්වාසවන්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මාර්ග සිතියමක් එමගින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.  

ජපන් රජය විසින් ජපන් පරිපූරක අයවැයෙන් (JSB) වෙන් කරන ලද යෙන් මිලියන 137ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 931,000 ) ආධාර මගින් ‘දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය ලබාදීම හරහා ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. යෝජිත ව්‍යාපෘතිය විසින් (1) නෛතික සහ ප්‍රතිපත්ති රාමු ශක්තිමත් කිරීමට උත්සාහ කරයි; (2) මූල්‍ය හා බදු අපරාධවලට එරෙහිව සටන් කරන ප්‍රධාන ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කරයි; (3) ප්‍රධාන ප්‍රතිඵල තුනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ගික ක්‍රියාමාර්ග හරහා දූෂණයට එරෙහිව සටන් කිරීමට උපාය මාර්ගික ආයතනවල සහ පුද්ගලයන්ගේ කුසලතා සහ හැකියාවන් වැඩි දියුණු කරයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට සහය දැක්වීමට ජපානයේ කැපවීම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා මෙසේ සඳහන් කළේය: “විදේශීය ආයෝජකයින්ට වඩාත් ව්‍යාපාරික හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දූෂණ විරෝධී පියවර ඉතා වැදගත් වේ. ජපානය මෙම අංශයේ වැඩිදියුණු කිරීම්වලට සහාය වීමට කැමතිය. එමගින් අපගේ ව්‍යාපාරික සබඳතා පුළුල් කරගැනීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ සාධාරණ ආර්ථික පාලනය සහ දූෂණ විරෝධී මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජපන් රජය කැපවී සිටින බවත්, අපගේ සාමූහික ප්‍රයත්නවල ප්‍රත්‍යක්ෂ බලපෑම දැකීමට අපි උනන්දුවෙන් අපේක්ෂා කරන බවත් මම නැවත වරක් තහවුරු කිරීමට කැමැත්තෙමි.”

දූෂණ විරෝධී පරිසර පද්ධතිය තුළ ඉලක්කගත, නිශ්චිත කාලයක් තුළ සිදුවන, ධාරිතා සංවර්ධනය ඔස්සේ දූෂණ වැළැක්වීම, විමර්ශනය සහ නඩු පැවරීම හරහා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා පුළුල් ප්‍රවේශයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. කාර්යක්ෂම සහ පුරෝකථනය කළ හැකි රාජ්‍ය සේවා සැපයීමක් උදෙසා මෙය දායක වනු ඇත. දූෂණයට එරෙහිව ආරක්ෂාවක් ලෙස ක්‍රියා කරන නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරනු ඇත. සමාජ-ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා තීරණාත්මක වන සෘජු විදේශ ආයෝජන දිරිමත් කරනු ඇත. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් එහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය පහත දැක්වෙන කරුණු අවධාරණය කළාය: “ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ එහි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, වගවීමෙන් යුක්ත සහ විනිවිද පෙනෙන පද්ධති සහ ආයතන අතිශයින්ම අත්‍යවශ්‍ය බව පැහැදිලිය. ජපානය සමඟ හවුල්කාරිත්වය විසින් ආර්ථික පාලනය ශක්තිමත් කිරීම සඳහා අපගේ දැනට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් සම්පූර්ණ කරනු ලැබේ. බාධාවකින් තොරව සහයෝගයෙන් කටයුතු කිරීමට ආයතන සවිබල ගැන්වීමේ පරිපූර්ණ ප්‍රවේශයක් එමගින් ප්‍රවර්ධනය කරනු ඇත. JSB සහාය උත්ප්‍රේරකයක් ලෙස සේවය කරනු ඇත. එමගින් පුද්ගල හැකියාවන් වැඩිදියුණු කරයි. එපමණක් නොව, වඩාත්ම තීරණාත්මක කාරණය වන්නේ, දූෂණයට එරෙහි සටනේදී එක්සත් වීම සඳහා සාමූහික හැකියාව වැඩි දියුණු කිරීමයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අපි ඒ සම්බන්ධයෙන් ජපාන රජයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

තිරසාර සංවර්ධනය සඳහා සාමකාමී සහ සියල්ලන් ඇතුළත් සමාජයන් ප්‍රවර්ධනය කිරීම, සැමට යුක්තිය සඳහා ප්‍රවේශය ලබා දීම සහ ඵලදායී, වගවීමෙන් යුක්ත සහ සියල්ලන් ඇතුළත් කරගන්නා ආයතන සෑම මට්ටමකදීම ගොඩනැගීම මගින් තිරසාර සංවර්ධන ඉලක්කවල 16වන ඉලක්කය (SDG16) සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ අපේක්ෂා කරන මැදිහත්වීම් සැලකිය යුතු ලෙස දායක වනු ඇත.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved