Connect with us

පුවත්

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 60% ක අඩුවක්!

Published

on

මෙරට දෛනික දියර කිරි අවශ්‍යතාවෙන් 40% පමණක් දැනට නිෂ්පාදනය වන බවත් ඒ නිසා 60% ක දියරකිරි නිෂ්පාදනයේ අඩුවක් පවතින බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.

මේ අනුම මෙම දියර කිරිවල පවතින රික්තකය පිරවීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳ කෝපා කමිටුවේ සභාපතිවරයා විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ දිනකට කිරි ලීටර් 100 ගණනේ නිෂ්පාදනය කළ හැකි ගොවිපළවල් 15000 ක් ඇති කිරීමට වර්තමානයේ කටයුතු කොට ඇති බවයි. 

දැනටමත් මේ වෙනුවෙන් 2000 ක් පමණ ගොවිපළවල් ලියාපදිංචි වී ඇති බව එම නිලධාරීහු පෙන්වා දුන්හ.

මේහිදී කෝපා කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ සඳහා ජාතික සැලැස්මක් සකස්කිරීම වැදගත් වන බවයි. එසේම මේ පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසද කෝපා කමිටුවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ 2019/2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂාකිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 06 දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ය.

අභිජනන කටයුතු වලට ආනයනය කළ එළුවන් 38ක් මියගිහින්

එසේම ඉඹුලදණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ සිටින ආනයනික එළුවන් 100 අතුරින් නිරෝධායනය කළ කාලසීමාව තුළ 11 ක් ඇතුළුව එළුවන් 38 දෙනෙකු මිය යාම පිළිබදවද මෙහිදී සාක්ච්ඡා විය. එසේම එළුවන් ආනයනය සඳහා ප්‍රසම්පාදන මණ්ඩලයේ අනුමතිය 2017 වර්ෂයේදී ලැබී තිබියදීත් මෙම එළුවන් 2019 වර්ෂයේ ආනයනය කර ඇති බවත් ඒ හේතුවෙන් විනිමය අනුපාතයේ වෙනස්වීම මත රු. 2311760 අමතර ගෙවීම් ලබාදීමට සිදුවී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

මේ අනුව මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් ලබාදෙන ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා නිර්දේශ කළේය.

කරදගොල්ල ඩිප්ලෝමාවට එක්වූ ඇතැම් සිසුන් පාඨමාලාව හැරගිහින්

තවද කරදගොල්ල සත්ත්ව පාලන මධ්‍යස්ථානයේ ඩිප්ලෝමා පාඨමාලාවට ලියාපදිංචි වූ සිසුන් පාඨමාලාව හැරයාම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. මෙහිදී සඳහන් වූයේ මෙම පාඨමාලාව සඳහා ළමුන් 100 පමණ ලියාපදිංචි විය හැකි බවත් වසරකට සාමාන්‍යයෙන් ළමයින් 82 පමණ මෙම පාඨමාලාව හැදෑරීමට ලියාපදිංචි වන බවත්ය. නමුත් මෙම ලියාපදිංචි වන ළමුන්ගෙන්ද සිසුන් 25 පමණ පාඨමාලාව හැරගොස් ඇත් බවත් මෙම එක් සිසුවෙක් වෙනුවෙන් පාඨමාලාව හැදෑරීම සඳහා දල වශයෙන් රු. 2600000 කට ආසන්න මුදලක් වැය වන බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ පාඨමාලාව හදාරමින් සිටින අතරතුර වෙනත් රැකියාවක් ලැබුණු විට මෙම සිසුවන් පාඨමාලාව හැර යන බවයි. මේ අනුව ගිවිසුමකට යටත්ව මෙම සිසුන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා උපදෙස් දුන්නේය.

සත්ත්ව අභිජනන ගැටළු

එසේම සත්ත්ව අභිජනනය සම්බන්ධ ගැටලු පිළිබඳ අවධානය යොමු වූ අතර කෘතීම සිංචන නිෂ්පාදන සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

තවද අධ්‍යයන, අභ්‍යාස හෝ රාජකාරී කටයුතු සඳහා විදෙස්ගතවූ නිලධාරීන් 09 දෙනෙකු නැවත සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එම නිලධාරීන්ගෙන් අයවිය යුතු රු. 17299301 දඩ මුදල අයකර නොගැනීම සම්බන්ධවද මෙහිදී අවධානය යොමු විය. මෙහිදි පැමිණ සිටි නිලධාරීන් පෙනුවා දුන්නේ මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන් වෙනුවෙන් මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවයි.

තවද එන්නත් වඩි මිලදීගැනීමේදී අඩු ලංසු තිබියදී වැඩි ලංසු තැබූ සමාගමකින් එන්නත් වඩි 100000 මිලදී ගැනීම මගින් රු. 3995000 ක් වැඩි පුර ගෙවා ඇති බවද මෙහිදී අනාවරණය විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, කාදර් මස්තාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, ජයන්ත කැටගොඩ (ආචාර්ය) මේජර් ප්‍රදීප් උඳුගොඩ සහ ඉසුරු දොඩම්ගොඩ යන මහත්වරු සහභාගී වූහ.  

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved