Connect with us

පුවත්

මෙරට නිවාස 10,000ක් ඉදි කිරීමට ඉන්දියාව හා ගිවිසුම් 2ක්

Published

on

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2023 නොවැම්බර් 28 වන දින 

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉතා වැදගත් ගිවිසුම් ද්විත්වයකට ඊයේ (28) අත්සන් තබා ඇත.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නියෝජිතායතන දෙක එනම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සමඟ මෙරට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් වෙන වෙනම අත්සන් තබා ඇත.

මෙම ගිවිසුම් ද්විත්වයේ අරමුණ වන්නේ නිවාස 10,000 ඉදිකිරීම ඇරඹීම කඩිනම් කිරීමයි. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංවර්ධන සහයෝගිතා අංශයේ උපදේශක සහ ප්‍රධානී එල්ඩෝස් මැතිව් පුන්නූස්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති රත්නසිරි කළුපහන සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි කංකානම්ලාගේ අජන්ත ජානක යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම් දෙකට අත්සන් තබන ලදී.

ඉන්දියානු නිවාස ව්‍යාපෘතියේ සිව්වන අදියර ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 11ක් සහ පළාත් 6ක් පුරා ව්‍යාප්තව පවතී. ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉන්දියානු රජය විසින් ඉදි කරනු ලබන නිවාස සංඛ්‍යාව 60,000 කි. පළමු අදියර දෙක යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල නිවාස 46,000ක් ඉදිකර අවසන් අතර තෙවන අදියර යටතේ වතුකර ප්‍රදේශවල නිවාස 4000ක ඉදිකිරීම් කටයුතු අවසාන වෙමින් පවතී.

ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සහයෝගිතාවයේ ප්‍රමුඛතම අවධානයක් නිවාස ක්ෂේත්‍රයට යොමු වේ. ඉන්දියානු නිවාස ව්‍යාපෘතියට අමතරව තවත් නිවාස 2400ක් විවිධ නිවාස ව්‍යාපෘතීන් යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා ඉදිවෙමින් පවතී. 

ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතා කළඹ ඇමරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 600ක් පමණ ප්‍රදාන වේ.

පුවත්

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Published

on

By

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයන් හා ගමන් වාර අවලංගු කිරීම සිදුවී තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද වන බවය.

මේ අතර, කොළඹ – බදුල්ල සහ බදුල්ල – කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය මෙන්ම අද දිනයේ විශේෂ දුම්රිය ද අවලංගු කිරීමට ද තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

පුවත්

“අනුර එක්ක විවාදෙට මම එනවා”

Published

on

By

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා තමා සහභාගී වීමට සුදානම් බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි

ඔහු මේ බව ප්‍රකාශ කළේ ලයිට්හවුස් දේශන ශාලාවේ පසුගිය බදාදා (22) පැවති ජනරජ දින සැමරුම සදහා එක්වෙමිනි.

“දැන් අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා රාජකීය විද්‍යාලයේ අහිංසක ආදී ශිෂ්‍යයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාස මහතාට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ. එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. ඔහු උපාධිය ගත්තේ ටිකක් පරක්කු වෙලා. හැබැයි අපි දෙන්නා එක වයසේ. මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගත්ත පුද්ගලයෙක් හැටියට සලකන්න පුළුවන්.ඒ නිසා මාත් එක්ක ලබන 6 වැනිදා දාපු සජිත් නොඑන විවාදයට දිලිත් ජයවීර එන්න කැමති කියලා පොඩ්ඩක් දා ගන්න. මම එතුමාගෙන් අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බවත් එතුමාගේ ඇදුම් පැළදුම් ගැනවත්, එතුමාගේ ව්‍යාපාරික පන්තිය ඒ චාරිකා ගැනවත්, පුද්ගලික ජීවිතය ගැනවත් මම අහන්නේ නැහැ.”

“එම විවාදයේදී අනුර කුමාර දිසානායකට මගෙන් අහන්න පුළුවන් නයා ගැන, පැණිය ගැන, ඇන්ටිජන් ගැන. මට ඒවාට උත්තර දෙන්නත් පුළුවන්.” 

Continue Reading

පුවත්

රනිල් යද්දී චන්ද්‍රිකාත් බාලි ;  අමරවීර, දුමින්ද, ලසන්ත, අනුර හා ලන්සයිත් ඉඳලා

Published

on

By

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාලි දූපතේ සංචාරයක යෙදී සිටින අතර චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද එහි ගොස් සිට ඇති බව වාර්තා වේ.

මෙම සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ අනුර යාපා යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් ද රැගෙන ගොස් සිටි බව වාර්තා වේ. 

එම සිව්දෙනා බණ්ඩාරනායකවාදීන් ලෙස මෑතක් වනතුරු ම කැපී පෙනුණු අතර ඔවුන්ට අමතරව නිමල් ලන්සා මහතා ද රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සංචාරයට එක්වී ඇති බව මේ වනවිට හෙළිවී තිබේ.

රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිස මෙන් ම, චන්ද්‍රිකා කුමාරතුංග අතර කිනම් මට්ටමක සාකච්ඡා පැවැත්වූයේ දැයි මේ දක්වා හෙළිවී නැත. 

කෙසේවුවද,, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ජල දිනයට සහභාගී වන බව පවසා ඉන්දුනීසියාව බලා යාම පිළිබඳව මුල සිටම දේශපාලන නිරීක්ෂකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබුණ බව ලංකා ටෲත් වාර්තා කර ඇත.

මූලාශ්‍රය – ලංකා ටෲත් 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved