Connect with us

පුවත්

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් හදන්න කැබිනට් අනුමැතිය

Published

on

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස්  දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද පැවසීය.

අධ්‍යාපන කටයුතු සඳහා අපේ රටේ දරුවන් කී දෙනෙක් විදේශ ගත වී සිටිනවා ද? අපේ රටේ දරුවන්ට අවශ්‍ය පහසුකම් හා අවස්ථාව අපේ රට තුළම ලබා නොදීම අපරාධයක්.  නව වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමට මේ වන විටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. පවතින ප්‍රමිතීන් ආරක්ෂා කරගෙන නව වෛද්‍ය විද්‍යාල කටයුතු කළ යුතු වෙනවා. 

මේ සඳහා සම්බන්ධ වන මහාචාර්යවරුන් අපේ රටේ වෛද්‍ය විද්‍යාලවල උපදේශකවරුන් වශයෙන් කටයුතු කළ අය. ආචාර්ය මණ්ඩලය සඳහාත් අවම සූදුසුකම් ඉදිරිපත් කර තිබෙනවා. මෙරට පිළිගත් වෛද්‍ය විද්‍යාලවල කටයුතු කරන ආකාරයෙන්ම හෝ ඊට එහා ගිය මට්ටමකට එම කටයුතු පවත්වාගෙන යා යුතුයි  කියා නීති පනවා තිබෙනවා. 

ඒ වගේම එම වෛද්‍ය විද්‍යාලවලට ආරෝග්‍යශාලා තුනක් ද ඇතුළත් කර තිබෙනවා මූලික සුදුසුකම් සහිත, වැඩිදුර වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි දරුවන් මේ රටේ සිටිනවා. ඒ නිසා 10%ක ප්‍රතිශතයක සිසුන් සංඛ්‍යාවකට ශිෂ්‍යත්ව ලබා දෙන ලෙසට මෙම විශ්වවිද්‍යාලවලින් මම පෞද්ගලිකව ඉල්ලීමක් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් දැනටමත් එකඟතාව පළ කර තිබෙනවා. ‍ 

වෛද්‍යවරුන් විදෙස්ගත වීම ඇතුළුව සමස්ත බුද්ධි ගලනය සෞඛ්‍ය කේෂ්ත්‍රයේ අඩුපාඩුවකින් සිදුවන දෙයක් නොවන බව කිවයුතුයි. ඊට ප්‍රධානතම හේතුව ලෙස 2019 රටේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ ආදායම් ප්‍රමාණවත් නොවීම සහ වියදම් අධික වීම වැනි කාරණා දැක්විය හැකියි. 

විශේෂයෙන් ඉන්ධන මිල ඉහළ යෑම මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම සහ වෛද්‍යවරුන්ගේ මාසික වේතනය ද මීට බලපා තිබෙනවා. වෛද්‍යවරුන් මුහුණ දී සිටින මෙවැනි ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා අවධානය යොමු කර තිබෙනවා. එතුමා ඉදිරි අයවැයෙන් පසුව මේ සඳහා විසඳුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරනවා. සෞඛ්‍ය කේෂ්ත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් රජයෙන් කළහැකි සියලු දේ ඉටු කරමින් සිටිනවා.

එංගලන්තය වැනි රටවල සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් අපේ රටට වඩා දස ගුණයක පමණ වැටුප් ලබා දෙනවා. අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අය වෙනුවෙන් එංගලන්තයට පුළුවන් ඊට වඩා දසගුණයක වේතනයක් ලබා දෙන්න. ඒ නිසා මෙම ගැටලු වෙනුවෙන් කෙටි, මධ්‍ය හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙනවා.

අප රටේ වෛද්‍ය පීඨ 13ක් පමණ තිබෙනවා. නමුත්  ඒවා සඳහා බඳවා ගනු ලබන්නේ 2000ක පිරිසක් පමණයි. ඒ නිසා එම ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍යයි. ඒ සඳහා හැකියාව තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ දරුවන්ගේ බුද්ධිය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. මූලික සුදුසුකම් තිබෙන සිසුන්ට අවස්ථාව ලබා දිය යුතුව තිබෙනවා.

ඒ වගේම මාහට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වුණා. මීට පෙර ඉදිරිපත් වූ සියලුම විශ්වාසභංග යෝජනා පරාජය වී තිබෙනවා. අංක ගණිතයෙන් විශ්වාසභංග යෝජනා පරාජය කළ හැකි වුවත්,  එහි තිබූ  අභ්‍යන්තර කරුණු කාරණා දෙස බැලීමේදී අවධානය යොමු කළ යුතු දේවල් තිබෙනවා. 

බහුතර පිරිසක් පදනම් විරහිත චෝදනා නඟන විට තවත් පිරිසක් සාධනීය අදහස් හා යෝජනා ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී අනිකුත් අදහස්වලට වඩා මගේ අවධානය යොමු වුණේ එම සාධනීය යෝජනාවලටයි. විපක්ෂය ඉදිරිපත් කළා කියා, බැහැර කළ නොහැකි කරුණු කාරණා ඒ අතර තිබුණා. 

ඉදිරියේදී අදාළ සියලුම නිලධාරීන් කැඳවා එම යෝජනා හා අදහස් සම්බන්ධව සාකච්ඡා කිරීමට පියවර ගන්නවා. ඒවා සාකච්ඡාවට පමණක් සීමා නොකර, ක්‍රියාවට නැංවීමටත් කටයුතු කරනවා. කෙසේ වෙතත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ නිසාම, සාවද්‍ය චෝදනාවලට ලිඛිත සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කිරීමට මට අවස්ථාවක් ලැබුණා.

(ජනාධිපති මාධ්‍ය අංශය)

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved