Connect with us

පුවත්

මෙරට විශාලතම ශිලා ලේඛනය දිඹුලාගලින් හමු වේ

Published

on

ශ්‍රී ලංකාවේ මෙතෙක්  හමුවී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමුවී ඇති බවට පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් කරයි.

මෙම දුර්ලභ ලේඛනය සොයා ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් හා පොලොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් සිදුකර ඇත.

අදාළ නිලධාරීන් හා සේවක කණ්ඩායම දිඹුලාගල කඳු වැටියේ නවාතැන්ගෙන පසුගිය 26 වෙනිදා සිට එම ශිලා ලේඛනය පිටපත් කිරීම් කටයුතු සිදුකිරීම ආරම්භ කළ බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ප්‍රකාශ කරයි.

එම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගතවන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව සහකාර අධ්‍යක්ෂ එම්.ජී.රත්නපාල මහතා විසින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් වෙත ලිපියකින් දැනුම් දී ඇත.

මෙම ශිලා ලේඛනයක් උස අඩි 18ක් සහ පළල අඩි 45ක් පමණ වන බව වාර්තා වන අතර එය කුමන යුගයකට අයත් ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නොමැත.

ඒ සම්බන්ධව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යාඥ නිලධාරීන්ට හට තවත් මසක පමණ කාලයක් ගත වනු ඇති බව ද රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

පිටපත් කිරීම අවසන් වීමෙන් පසු ශ්‍රි ලංකාවේ අතිශය දුර්ලභ හා විශාලතම ලේඛනය ආරක්ෂා කරමින් මහජනයාට දැකගත හැකි පරිදි ප්‍රදර්ශනය කිරීමේ වැඩ පිළිවෙලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව ක්‍රියාවට නංවන බව ද දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නා හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved