Connect with us

පුවත්

මෙරට සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ගැන ලෝක බැංකුවේ ප්‍රසාදය

Published

on

මෙරට සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහනේ ප්‍රගතිය ගැන ලෝක බැංකු නියෝජිතයන්ගේ ප්‍රසාදය පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන පිළිබඳ ලෝක බැංකු නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා මාලාවේ අවසන් අදියරේ සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී ලෝක බැංකු නියෝජිතයින් විසින් මේ බව සඳහන් කෙරිණි.

පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම (Parliamentary budget office), රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම, සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ක්‍රම, සමාජ ලේඛන (Social registry) වැනි ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් පූර්ව ක්‍රියාමාර්ගයන් සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු ඉදිරි පියවර සහ එම එක් එක් ක්‍රියාමාර්ගවලට අදාළ කාල රාමු පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා ලෝක බැංකුව ලබා දෙන දායකත්වය මෙහිදී පැසසුමට ලක් කළ සාගල රත්නායක මහතා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉදිරියේ දී ද සියලුදෙනාගේ සහාය අපේකෂා කරන බව කියා සිටියේය. 

ලෝක බැංකුවේ මෙරට කළමනාකරු චියෝ කන්දා මහත්මිය ඇතුළු ලෝක බැංකු නියෝජිතයින් ද, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පුවත්

පොසොන් උත්සවයට විශේෂ ප්‍රවාහන පහසුකම්

Published

on

By

පොසොන්  සමයේ අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ පොසොන් පොහොයට පෙර නිම කිරීමට නොහැකි බැවින් මෙම පියවර ගන්නා බවයි.

හෝමාගම,   පිටිපන පාසල් හන්දියේ සිට සිංහ අරන දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මීටර් 800ක දුරක් මාර්ගය සංවර්ධනය කෙරෙන අතර ඒ සදහා වෙන් කෙරෙන මුදල රුපියල් මිලියන 13කි.

Continue Reading

පුවත්

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු නිමවීමට තව කල් යයි

Published

on

By

උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු එළඹෙන පොසොන් පොහොයට පෙර නිම කිරීමට හැකියාවක් නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ, උතුරු දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු අගෝස්තු මාසය වනවිට නිමකළ හැකි බවය.

Continue Reading

පුවත්

වතු ගැන ජනපති ගෙනා විශේෂ යෝජනාවට අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමට ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved