Connect with us

පුවත්

“මෙරට සංහිඳියාව ඇති කිරීම මතු පරපුරට පරම්පරාවට භාර නොදීම ජනපතිගේ අරමුණයි”

Published

on

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමේ කාර්ය භාරය ඊළඟ පරම්පරාවට උරුම නොකර එය  වර්තමානයේදී ම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ප්‍රකාශ කළේය.  

සංහිඳියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසඳා  ගැනීමේ  දැඩි අවශ්‍යතාවක් පවතින බවත් එම ප්‍රයන්තය සාර්ථක කර ගතහොත්  රටක් ලෙස  වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා  පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙම අදහස් පළ කර සිටියේ, විදේශ අමාත්‍ය අලි සබ්‍රි  මහතාගේ ප්‍රධානත්වයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (11) පැවැති  සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමිනි.

සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි  මහතා විසින් අරමුණු පැහැදිලි කළ අතර,  සත්‍ය සහ ප්‍රතිසන්ධාන කොමිසමේ  (truth reconciliation commission ) කාර්යභාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරණි. 

එහිදී එම කොමිසම පිහිටුවීමේ අරමුණු  ඉටුකර ගැනීම පිළිබඳ  පැමිණ සිටි සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්ගේ අදහස් සහ යෝජනා විමසා සිටි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සංහිඳියා ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා  සියලු දෙනාගේ  සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

රටක් ලෙස  ඉදිරියට යාමට සියලු පුරුවැසියන්ගේ එකඟතාව හා සහයෝගය අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එහිදි අවධාරණය  කර සිටියේය. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved