Connect with us

පුවත්

මෙවර ඡන්දහිමියන් ගණන එක්කෝටි හැත්තෑඑක්ලක්ෂය පනී

Published

on

මෙවර (2024) ඡන්ද හිමි නාමලේඛනයට අනුව ජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි ඡන්දහිමියන් එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතළිස්දහස් තුන්සිය පනස්හතරදෙනකු (17,140,354) සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව වැඩිම ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාවක් සිටින්නේ ගම්පහ මැතිවරණ කොට්ඨාසයෙනි.

එම සංඛ්‍යාව දහඅටලක්ෂ අසූඑක් දහස් එකසිය විසිනවයකි (1,881,129) කි.

අඩුම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ වව්නියාව, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්ක අයත් වන්නි මැතිවරණ කොට්ඨාසයෙනි.

එම සංඛ්‍යාව තුන්ලක්ෂ හයදහස් අසූ එකකි (306,081)කි.

මැතිවරණ කොට්ඨාස අනුව ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව මෙසේය.

  • කොළඹ දාහත්ලක්ෂ හැටපන්දහස් තුන්සියපනස් එකයි (1,765,351) 
  • කළුතර දසලක්ෂ විසිහතර දහස් දෙසිය හතළිස් හතරයි (1,024,244) 
  • මහනුවර එකොළොස් ලක්ෂ අනූඑක් දහස් තුන්සිය අනූනවයයි (1,191,399) 
  • මාතලේ හාරලක්ෂ විසිනවදහස් නවසිය අනූඑකයි (429,991)
  • නුවරඑළිය හයලක්ෂ පන්දහස් දෙසිය අනූ දෙකයි (605,292)
  • ගාල්ල නවලක්ෂ තුන්දහස් එකසිය හැටතුනයි (903,163) 
  • මාතර හයලක්ෂ අසූහයදහස් එකසිය හැත්තෑපහයි (686,175) 
  • හම්බන්තොට පන්ලක්ෂ විසිදහස් නවසිය හතළිහයි (520,940) 
  • යාපනය (යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක) පන්ලක්ෂ අනූතුන්දහස් එකසිය අසූහතයි (593,187) 
  • මඩකලපුව හාරලක්ෂ හතළිස් නවදහස් හයසියඅසූහයයි (449,686) 
  • දිගාමඬුල්ල පන්ලක්ෂ පනස්පන්දහස් හාරසියතිස්දෙකයි (555,432) 
  • ත්‍රිකුණාමලය තුන්ලක්ෂ පහළොස් දහස් නවසිය විසිපහයි (315,925) 
  • කුරුණෑගල දාහතර ලක්ෂ දාහත්දහස් දෙසිය විසිහයයි (1,417,226) 
  • පුත්තලම හයලක්ෂ හැටතුන්දහස් හයසිය හැත්තෑතුනයි (663,673), අනුරාධපුර හත්ලක්ෂ හතළිස්එක්දහස් අටසිය හැටදෙකයි (741,862) 
  • පොළොන්නරුව තුන්ලක්ෂ පනස්එක්දහස් තුන්සියදෙකයි (351,302) 
  • බදුල්ල හත්ලක්ෂ පන්දහස් හත්සියහැත්තෑදෙකයි (705,772) 
  • මොනරාගල තුන්ලක්ෂ අනූනවදහස් එකසියහැටහයයි (399,166) 
  • රත්නපුර නවලක්ෂ විසිතුන්දහස් හත්සියතිස්හයයි (923,736) 
  • කෑගල්ල හත්ලක්ෂ නවදහස් හයසියවිසිදෙකයි (709,622).

2019 වසරේ පැවැති ජනාධිපතිවරණයට වඩා මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද හිමියන් එකොළොස් ලක්ෂ හතළිස්අටදහස් දෙසියපනස් අට දෙනකු (1,148,258) වැඩිවී ඇත.

2019 වසරේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව වූයේ එක්කෝටි පනස්නවලක්ෂ අනූදෙදහස් අනූහයකි (15,992,096) කි.

එමෙන්ම, ඉකුත් වසරේ (2023) ඡන්ද හිමි නාමලේඛනයට අනුව ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැටඅට ලක්ෂ පනස්හතර දහස් දෙසිය අනූඅටක් (16,854,298) කි.

තවද මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි නව ඡන්දදායකයෝ දෙලක්ෂ අසූහය දහස් පනස් හය දෙනකු (286,056)ක් සුදුසුකම් ලබා සිටිති.

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved