Connect with us

පුවත්

මෙවර නිදහස් සැමරුමේ වෙනසක් (වීඩියෝ)

Published

on

“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ප්‍රකාශ කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී නිදහස් දින සැමරුම සඳහා යොදා ගන්නා යුද හමුදා නිලධාරීන් ප්‍රමාණය 40%කින් අඩු කර ඇති බවය.

නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙවර හමුදා පෙළපාලිය සාමාජිකයින් 1,873කට සීමා වී ඇති අතර, ගිය වසරට සාපේක්ෂව හමුදා සමාජිකයින් 1,511දෙනෙකෙුගේ අඩුවීමක් බව ද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.

මෙවර නිදහස් සැමරුම් උළෙල සාමාන්‍ය ජනතාවගේ වැඩි සහභාගිත්වයකින් පැවැත්වීමට තීරණය කර ඇති බව ද රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ මෙවර නිදහස් උත්සවය පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අදත් නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් පුහුණුවීම් කටයුතු පැවැත්වුණි

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved