Connect with us

පුවත්

මෙවර සංගණනයත් අසාර්ථකයි!

Published

on

පසුගිය 18 වැනිදා එක්දින සංගණනයක් ලෙස මුළු රටේම එක් දිනක දත්ත එක්රැස් කළ යුතුව තිබුණු නමුත් මේ වන විටත් එම සංගණන කටයුතු අවසන් නොවීම නිසා දත්තයන්ගේ නිරවද්‍යතාව පිළිබඳ බරපතළ ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ.

මෙවර ජන සංගණනය සඳහා 2019 වසරේ ආරම්භක කටයුතුවල සිට මේ දක්වා රුපියල් කෝටි 400ක වැයක් දරන්නට සිදුව ඇතැයි ද පැවසේ.

සංගණනයේ අදියර ලෙස සිතියම් සකස් කිරීම, ලැයිස්තුගත කිරීම, ගණන් ගැනීම හා සංශෝධන වටය ලෙස අදියර 4කින් සකස් කළ යුතු වුවත් එවැන්නක් සිදුව නැති අතර එම නිසා දත්ත පිළිබඳ විශාල ගැටලුවක් මතුව ඇතැයිද වාර්තා වේ.

2012 සිදු කළ අවසන් සංගණනයේදී සියලු සේවකයන්ට දිනක අඩ නිවාඩු ලබා දී සංගණන කටයුතු සිදු කළද මෙවර ඒ ක්‍රමවේදය අනුගමනය කර නැත.

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සංගණන කටයුතු අවසන්ව නොමැති අතර, එම කටයුතු තවමත් සිදුවෙමින් පවතී. 

මේ වන විටත් කොළඹ දිස්ත්‍රික්කයේ සංගණන කටයුතු අවසන් කර ඇත්තේ 68% ක්  බවත්, ගම්පහ දිස්ත්‍රික්කයේ සංගණන කටයුතු අවසන් කර ඇත්තේද 90% ක් බවත් පැවසේ.

සංගණන කටයුතු මෙන්ම වී අස්වනු සම්බන්ධවද සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිවැරැදි දත්තයන් ලබා නොදීම හේතුවෙන් අවශ්‍ය ගබඩා පහසුකම් නිසි පරිදි ලබා දීමට නොහැකි වීම මෙන්ම තොග රැස්කර තබා ගැනීමට නොහැකි වීම වැනි විශාල ගැටලු රැසක් මතුව තිබෙන බව වාර්තා වෙයි. 

වත්මන් සහල් හිඟයටද එම සංඛ්‍යා ලේඛන නිසි පරිදි ලබා නොදීම ප්‍රධාන හේතුවක්ව ඇති බවට චෝදනා එල්ල වී ඇත.

මේ අතර, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය මාධ්‍යට පවසා ඇත්තේ දිස්ත්‍රික්ක 23 ක තොරතුරු රැස් කිරීම අවසන් වූ බවත්, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සංගණනය සංකීර්ණ වීම හා නිලධාරීන් සොයා ගැනීමේ අපහසුතාව, නිවෙස් හිමියන් නිවෙස්වල නොසිටීම ආදී ප්‍රායෝගික ගැටලු නිසා සංගණන කටයුතු අවසන් කරන්නට නොහැකි වූ බවයි.

ජන සංගණනයට ක්‍රමවේද දෙකක් ඇති බවත් මෙවර තොරතුරු රැස්කිරීම සිදු කළේ De – jure හෙවත් සාමාන්‍ය පදිංචිය මත පදනම්ව සිදුකරන ක්‍රමවේදය මත බවයි.

එසේම වී නිෂ්පාදනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිවැරදි දත්ත නොලැබීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවට පිළිතුරු දෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසා සිටියේ වගා බිම් ප්‍රමාණය සම්බන්ධ කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධනය හා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවල පවතින පරස්පරතා ඊට හේතුවන බවයි.

කොළඹ දිස්ත්‍රික්  සංගණන කටයුතු 64%ක් අවසන් කර ඇති බවද පැවසෙන අතර, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ පැවසුවේ ගම්පහ, සංගණන කටයුතු 90%ක් අවසන් කර ඇති බවයි. 

කළුතර දිස්ත්‍රික් ලේකම් ජී.එම්. ජනක කේ. ගුණවර්ධන පැවසුවේ මේ වන විට සංගණන කටයුතු අවසන් කර ඇති බවයි.

මූලාශ්‍රය – සිළුමිණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved