Connect with us

පුවත්

මේ අවුරුද්දෙත් ආණ්ඩුවේ සුරාබදු ආදායම සරුසාරයි!

Published

on

අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය, රට අගුලු දැමීම ඇතුළු අභියෝගාත්මක තත්ත්වයන් රැසක් තිබියදී ද, වසර 2021 ලැබූ සුරාබදු ආදායමට සමාන මුදලක් මේ වසරේ මුල් මාස 11 තුළ එක් රැස් කර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

වසර 2021දී සුරාබදු දෙපාර්තමේන්තුව ලැබූ ආදායම රුපියල් බිලියන 139කි.

මේ වසරේ මුල් මාස 11 ඉක්ම යෑමට මත්තෙන් අපේක්ෂා කළ ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වීම සතුටට කරුණක් බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කියා සිටී.

ඒ අනුව වසර 2022 අවසාන වන විට සුරාබදු ආදායම රුපියල් බිලියන 165ක ඉලක්කය ජය ගැනීමට හැකි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙලෙස ආදායම ඉතා ඉක්මනින් ඉහළ නංවා ගැනීමට මේ වසරේ ජනවාරි 03 වැනිදා පටන් ආරම්භ කළ දෙස් විදෙස් මත්පැන් සඳහා ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙළ හරහා ආදායම් කාන්දුව වැළැක්වීම ප්‍රබල හේතුවක් වූ බව ද කොමසාරිස් ජනරාල්වරයා කීය.

තම දෙපාර්තමේන්තුවේ ඇතැම් සුළු පිරිසක් වන නිලධාරීන් ස්ටිකර් ඇලවීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට නොයෙක් උත්සාහ ගත්ත ද ඉතා කැපවීමෙන් සහ වගකීමෙන් ක්‍රියා කරන බහුතර නිලධාරින්ගේ යහපත් ක්‍රියා කලාපය නිසා ආදායම වැඩි කර ගැනීමට හැකි වූ බව ද කීය.

විශේෂයෙන් වසර 2022 මුල පටන් මත්පැන් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල, එතනෝල් මිල විශාල ලෙස ඉහළ යාම, ඉන්ධන හිඟය, රට අගුලු දැමීම, ජනතාවගේ ආදායම් වියදම් අතර පරතරය වැඩි ලෙස ඉහළ යමින් උද්ධමනකාරී තත්ත්වයක් ඇති වීම, වැට් බදු පැනවීම, සමාජ ආරක්ෂණ බදු පැනවීම සහ මත්පැන් මිල වසර තුළ තුන් වතාවක් ඉහළ යෑම, මත්පැන්වල ඉල්ලුම අඩු වීමට බලපෑ ප්‍රධාන කරුණු වේ.

ඒ අනුව පෙර වසරට වඩා 40%ක ඉල්ලුම අඩු වීමක් දක්නට ලැබේ.

Continue Reading

පුවත්

ජූනි 30ට කලින් වත්කම් බැරකම් ඉල්ලයි

Published

on

By

වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී.

එම කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනය,

Continue Reading

පුවත්

අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක්

Published

on

By

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වේ.

ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන එම රැස්වීමේදී ලබන සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සකස් කිරීම සිදු කෙරෙනු ඇත.

ලබන 20,21,22 හා 23 යන දිනවල පාර්ලිමේන්තුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

යාල ජාතික වනෝද්‍යානයට නව සංචාරක කලාප

Published

on

By

සංචාරකයින් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවය.

ඒ අනුව අරංගමුව නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවය.

හෙක්ටෙයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටෙයාර් 25000කි.

එය කලාප 6 කින් සමන්විත වන අතර ඒ සඳහා ඇති පිවිසුම් සංඛ්‍යාව 6කි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved