Connect with us

පුවත්

මේ රටේ අප්පච්චි මහින්ද

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක නමුත් එය පරාජය කරන අබව එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ, ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ඊයේ (21) අනුරාධපුරයේදී පැවති මංගල ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළිය අමතමිනි.

”අපේ පක්ෂය විනාශ කරන්න දැන් ආයිත් කුමන්ත්‍රණයක් ඇති කරලා තියෙනවා. සල්ලිවලට,බාර් ලයිසන් වලට ජාතිකත්වය විනාශ කරන මහා කුමන්ත්‍රණයක් මේ රටේ දියත් වෙලා තියෙනවා. හැබැයි ඒ කුමන්ත්‍රණය අපි පරද්දනවා. අපි පොඩි කාලේ අපේ හාමුදුරුවනේ අපේ හිතට බයක් දැනුනාම අපි දුවගෙන යනවා අපේ තාත්තා ළඟට. තාත්තා ළඟට ගියහම ඒ බය නැති වෙනවා. මේ රටේ ජනතාවටත් ඒ තිබිච්ච බය නැති කරන්න අපිට මහා දැවැන්ත ආරක්ෂාවක් තියෙනවා කියල තේරෙන නායකයෙක් බිහිවුණා. ඒ තමයි අපේ අප්පච්චි මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ ජන නායකයා. එතුමා මේ රටේ අප්පච්චි වුණා වගේම නාමල් රාජපක්ෂ මැතිතුමනි මේ වෙනකොට මේ රටේ ඒ ශක්තිමත් ආදරණීය පුතා වෙලා ඉවරයි. අන්න ඒ ජාතියේ පුතාට මේ ජාතිය වෙනුවෙන් මහා මෙහෙවරක් කරන්න තියෙනවා. ඒ මෙහෙවර අපි සැප්තැම්බර් 22 වැනිදා ඉදන් ශ්‍රී ලංකාව දෙවනත් කරලා පටන් ගන්න මෙහෙවර කරන්න ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.”

පුවත්

තැපැල් සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම්

Published

on

By

තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සම්බන්ධ රාජකාරි පැහැර හැරීම හේතුවෙන් ඔවුන්ගේ මෙලෙස වැඩ තහනම් කර ඇති බව සඳහන්ය.

එම සේවකයින් කළුතර සහ පුත්තලම තැපැල් කාර්යාලවලට අනියුක්තව සේවය කරන බව වාර්තා වේ.

මේ අතර මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එක්කෝටී හැට නව ලක්ෂ තිස් නව දහස් තුන්සිය අනු අටක් බෙදාහැර තිබේ.

2024 ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් නොලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය අනන්‍යතාව තහවුරු කර හෙට(21) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබාගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා තිබේ.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බවද වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

පුවත්

වසන්ත මුදලිගේගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Published

on

By

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලගේ මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලට අදාළ ණය සියයට 05 ත් 07 ත් අතර පොලී ප්‍රතිශතයක් යටතේ ණය ලබාගත් බවය.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එම ප්‍රතිශතය 8.2%ක් දක්වා ඉහළ නංවා පසුව එය 7.4%ක් දක්වා අඩු කිරීමට රජය කටයුතු කර ඇති බව පෙත්සමේ සඳහන් වේ.

මේ හේතුවෙන් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් බිලියන 16.4ක ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 19.1ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මේ තුළින් ශ්‍රී ලාංකික ජනතාව වෙත අති විශාල ආර්ථික බරක් පැටවී තිබෙන බවත් පෙත්සමේ පෙන්වා දී තිබේ.

මෙම ණය මුදල් අමෙරිකානු නීතිය යටතේ ලබාගෙන තිබුණද ඒම ණයවලින් කොටසක් කප්පාදු කිරීමට හැකියාව තිබියදී රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකොට පොලී ප්‍රතිශතය ඉහළ නැංවීම හරහා මෙරට ජනතාවට විශාල අගතියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වේ.

ඒ අනුව අදාළ ණය ප්‍රතිව්‍යුහගත ගත කිරීමේ වැඩපිළිවෙළ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ඉල්ලා තිබේ.

Continue Reading

පුවත්

ආපදාවලින් මැතිවරණයට බාධාවක් නොවන අයුරින් කටයුතු කරන්න විශේෂ වැඩපිළිවෙලක්

Published

on

By



ආපදාවලින් බාධාවක් නොවී මැතිවරණය පවත්වා ගෙන යාම සඳහා අවධානය යොමුකරමින් විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණය කොමිසම් සභාව එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ජනාධිපතිවරණ කාලසීමාව තුළදී ආපදා හේතුවෙන් මුහුණුදීමට සිදුවිය හැකි බාධා අවම කරගැනීම සඳහා හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැලැස්ම මේ වන විට සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

ජනාධිපතිවරණ පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් මැතිවරණ රාජකාරී සඳහා හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නේ නම් එම බාධාකාරී තත්ත්වයන් කළමනාකරණය කර ගැනීම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහෙයින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ අද (20) , හෙට (21) සහ අනිද්දා (22) යන තෙදින තුළ දිනයේ පැය 03 න් පැය 03 ට වාර්තා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ලෙසය.

එම වාර්තා අනුව යම් ආපදාවක් ඇති වුවහොත් ඊට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා කඩිනමින් කටයුතු සිදු කරන ලෙස දැනුම් දීම් සිදු කර ඇති බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved