Connect with us

පුවත්

මේ වසරේ අලි මරණ 395යි; අලි නිසා මිනිස් මරණ 127යි

Published

on

2022 වසරේ ජනවාරි සිට දෙසැම්බර් 01 දක්වා ශ්‍රී ලංකාවේ සිදු වී ඇති අලි මරණ සංඛ්‍යාව 395කි.

එය ඉකුත් වසරට වඩා අලි මරණ 20ක වැඩි වීමකි.

අලි මිනිස් ගැටුම් නිසා 2022 වසරේ මිය ගිය මිනිසුන් සංඛ්‍යාව 127කි.

විදුලි සැර වැදීම්වලින් පමණක් 2022 වසරේදී අලින් 38ක් මිය ගොස් ඇත.

රොටවැව ප්‍රදේශයේ විදුලි වැට අක්‍රියවීමෙන් අලි ගම් වදින බව ප්‍රදේශවාසීන් විසින් අවස්ථා ගණනාවකදී සීගිරිය වනජීවි කාර්යාලය දැනුම්වත් කර ඇතත් ඔවුන් මෙතෙක් ක්‍රියාත්මකව නැතැයි ද මේ අතර වාර්තා වේ.

එම තත්ත්වය හේතුවෙන් අලින්ගෙන් සිය බව බෝග ආරක්ෂා කර ගැනීමට ගොවීන් නිවෙසේ ඇති විදුලි රැහැන් වගා බිම්වලට ඇදීම එම ප්‍රදේශයේ සුලබ දසුනක් වී ඇතැයි ද පැවසේ.

එමඟින් වන සතුන්ට මෙන්ම එම ස්ථානවලින් ගමන් කරන මිනිසුන්ට ද විදුලි සැර වදින අවස්ථා තිබෙන බව සීගිරිය පොලිසිය විසින් කියා සිටී.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ දෙසැම්බර් 08 වැනිදා සීගිරිය ඉනාමළුවේ රොටවැව ප්‍රදේශයේ මිනිසුන් පිරිසක් විසින් නීති විරෝධි ලෙස විදුලි රැහැන් ඇදීම නිසා අවුරුදු 30 පමණ වයසැති අලියකු මිය ගොස් ඇති අයුරුය.

මිය ගිය අලියාගේ පශ්චාත් මරණ කටයුතු ගිරිතලේ වනජීවි නිලධාරීන් විසින් සිදු කළ අතර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් ඉඩම්හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කොට ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට ද අදාළ අංශ කටයුතු කර ගෙන යන බව වාර්තා වේ.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved