ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන් ඇති කරගෙන තිබෙන එකඟතා හැකි නම් අනාවරණය කරන්නැයි හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ඊයේ (26) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිදු කල ප්‍රකාශය තමා පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය වෙත නිකුත් කල විශේෂ නිවේදනය සම්පුර්ණයෙන් පහතින් සඳහන් වේ.