Connect with us

පුවත්

මෛත්‍රීට එරෙහි නඩු විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Published

on

තමන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කරන පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු ඉවත් වන බව දැනුම් දී ඇතැයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අද (31) ප්‍රකාශ කළේය.

එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී  සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දැනුම් දුන්නේ, මෙම පෙත්සම විභාග කිරීම සහ පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු නීල් ඉද්දවෙල මහතා මෙම නඩු කටයුත්තෙන් ඉවත්වන බව දැනුම් දී ඇති බවය.

ඒ අනුව අදාළ පුරප්පාඩුව සඳහා අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා නම් කරන බවත් සභාපති විනිසුරුවරයා නිවේදනය කළේය.

ඒ අනුව අදාළ පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න, සෝභිත රාජකරුණා, මේනකා විජේසුන්දර, ධම්මික ගනේපොල සහ ඩී. එන්. සමරකෝන් යන පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඔක්තෝබර් මස 16, 17, 18 සහ 20 යන දිනවල විභාගයට ගැනීම සඳහා දින නියම කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්  එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී මිනීමැරීම ඇතුළු චෝදනා යටතේ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු දෙදෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකර තිබුණි.

එම පැමිණිල්ල සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කළේය.

එම සිතාසිය නීති විරෝධී යැයි තීන්දු කොට අදාළ පුද්ගලික පැමිණිල්ල බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් වන ලෙසත් මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(අදදෙරණ)

පුවත්

Company 65ක් හැමදාම වරායෙන් බඩු පන්නවා.ආණ්ඩුවත් හොරුන්ව රකිනවා (වීඩියෝ)

Published

on

By

රේගුව හරහා පරීක්ෂා නොකර බහාලුම් පිට කිරීමට අදාළව නිකුත් වූ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගැනීම සහ මෙම වංචාවට සම්බන්ධ සමාගම් හිමියන්ගේ නම් හෙළිදරව් නොකර සිටීමට රජය ගන්නා උත්සාහය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් විශේෂ අනාවරණයක් සිදුකරන ලදී.

ඊයේ (06) දින එම පක්ෂය විසින් සංවිධානය කර තිබූ විශේෂ මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු පිළිබඳ අනාවරණය විය.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා, 

2025 07 06 දින පැවති මාධ්‍යය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා දැක්වූ අදහස් #flsplanka #PeoplesPower #viralvideoシ

Posted by Front Line Socialist Party on Sunday, July 6, 2025

Continue Reading

පුවත්

එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ගේන්න අවසර නැහැ

Published

on

By

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි.

ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබේ.

මේ අතර  බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට ද අනා­ව­ර­ණය වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ (06) දිනයේ ද හිටපු අමාත්‍යවරයා  බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

Published

on

By

ජයවර්ධනපුර රෝහලේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින, වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved