රු. මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකළ නියෝගයට අනුව ඒ මහතා වන්දි වශයෙන් රු. මිලියන 15ක මුදලක් ගෙවා ඇතැයි වාර්තා වෙයි.
ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙනි.
හිටපු ජනපතිවරයා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙන අතර, එමගින් සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරනු ලැබූ රුපියල් මිලියන 100ක වන්දි මුදල අතුරින් ඉකුත් ජුනි මස 28දා රුපියල් මිලියන 10ක් සහ රුපියල් මිලියන 5ක් බැගින් රුපියල් මිලියන 15ක මුදලක් වන්දි වශයෙන් හානිපූර්ණ කාර්යාලයේ පවත්වාගෙන යන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූවන්ගේ අරමුදලට ගෙවා ඇති බවයි.
ඉතිරි වන්දි මුදල් රුපියල් ලක්ෂ 85 බැගින් වාරික 10 කින් 2024 ජුනි 30දා – 2033 ජුනි 20දා දක්වා කාලය තුළ වාර්ෂිකව ගෙවා අවසන් කිරීමට අවසර දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය මෝසම මාර්ගයෙන් ඉල්ලා තිබේ.
හිටපු ජනාධිපතිවරයා වශයෙන් තමන්ට විශ්‍රාම වැටුප් වශයෙන් මාසිකව රුපියල් 97,500/- ක්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් දීමනා හැර රුපියල් 54,285/- ක මුදලක් ද ආදායම වශයෙන් ලැබෙන බව ද එම මෝසමේ සඳහන් වේ.