Connect with us

පුවත්

මෛත්‍රී පාස්කු වන්දිය ගෙවා නිමකරයි

Published

on

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අධිකරණය මගින් ගෙවීමට නියම කර තිබූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා අවසන් කර තිබේ. 

ඒ අනුව ඔහු විසින් ගෙවීමට ඉතිරිව තිබූ රුපියල් මිලියන 12ක මුදල 2024.08.16 වනදා ගෙවා අවසන් කර ඇති බව සඳහන්ය.

‍සබැඳි පුවත්:

‌මෛත්‍රී පාස්කු නඩුවට මිලියන 15ක් ගෙවයි

මෛත්‍රීට පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවන්නැයි නියෝගයක්!

පුවත්

CIDයට යැව්වේ ලසන්ත ඝාතන සැකකරුවන්ගේ නම් නෙවෙයි – නීතිපති

Published

on

By

නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසයි.

ඊට අදාළ නිවේදනය,

Continue Reading

පුවත්

සහල් කල්තබාගැනීමට නව ව්‍යාපෘතියක්

Published

on

By

වී තොග සහ සහල් මිල සම්බන්ධව පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා මෙරටුව විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා විසින් ගෙන ආ ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කරන ලෙස  සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

අද (07) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ සහල් තොග රැස් කර තබා ගැනීමේදී රසායනික ද්‍රව්‍ය යොදා වුවද තබා ගත හැක්කේ උපරිම කාලය මාස 03ක් වුවද අදාළ පීඨාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය මගින් සහල් මාස 15ක් දක්වා කිසිදු රසායනික ද්‍රව්‍යක් භාවිත නොකර ගබඩා කර ගත හැකි වූ බවය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කළ හොත් සහල් සුරක්ෂිතභාවය මෙන්ම මිල ස්ථාවරත්වයද පවත්වාගත හැකි බව පැවසූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ අදාළ ව්‍යාපෘතිය මගින් සහල් කිලෝග්‍රෑමයක් අවුරුද්දක කාලයක් සඳහා ගබඩා කර ගැනීමට වැය වී ඇත්තේ ශත 90ක් වැනි මුදලක් බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“විශේෂයෙන්ම මේ ව්‍යාපෘතිය කරලා තියෙන්නේ යාන්ත්‍රික වායු සංසරණ ක්‍රමවේදයෙන් තමයි ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම කරලා තියෙන්නේ. එතනදි ජාතික ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ආහාර දෙපාර්තමේන්තුව විසින් තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම විදේශීය විශ්වවිද්‍යාලවල පර්යේෂණ කරලා ලංකාවේ මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ මහත්මයා විසින් මේ කටයුතු ආරම්භ කරලා තියෙනවා.

මේ ව්‍යාපෘතිය අනුව පැහැදිලිව සහල් මාස 15කට වැඩි කාලයක් තියාගන්න පුළුවන් කියලා තහවුරු වෙලා තියෙනවා. මේ ව්‍යාපෘතිය ගෙන ඒමට ප්‍රධාන කරුණු කීපයක් බලපාලා තියෙනවා. එකක් තමයි සහල් සුරක්ෂිතභාවය ඇති කරගැනීම. අනිත් කාරණය තමයි හදිසි ආපදා තත්ත්වයකදී වී තොග තියන් ඉඳලා වැඩක් නෑ අපිට සහල් අවශ්‍යයි. ඒ වගේම මිල ස්ථාවරව පවත්වාගෙන යන්න අපිට වී තොගත් නෙමෙයි සහල් තොග තියාගන්න ඕනේ. මේකෙන් ප්‍රධාන වාසි දෙකක් තියෙනවා. එකක් මාස 15ක් කල් තියාගන්න පුළුවන් අනිත් කාරණය තමයි සහල් කිලෝ එකක් අවුරුද්දක් වගේ කාලයක් ගබඩා කරලා තියාගන්න කොස්ට් එක ගිහින් තියෙන්නේ ශත 90ක් වගේ බොහොම පොඩි මුදලක් ඒ නිසා මේ ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා.”

Continue Reading

පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහි කමක් බවට පත් කර ඇති බවය.

මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බවත් මේ හේතුවෙන් නැවත එය යතා තත්ත්වයට පත් කිරීමට තමන් මෙම යෝජනාව ගෙන ආ බවය.

මේ අවස්ථාවේදී ජනතාවගේ සිතුම් පැතුම් නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බැවින් අවශ්‍ය වන්නේ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කිරීම බවද මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

“මම මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ඒ තියන සමාජ විරෝධය නැති කරන්න. අපි මේක වෙනස් කළේ නැත්නම් මේක නිකං නගරසභාව බවට පත් වේවී. ඒක රටට අහිතකර තත්ත්වයක් බවට තමයි පෙනුනේ ගිය අවුරුදු කීපය තුළ. අලුතින් දේශපාලන සංස්කෘතියක් බිහිකරමින් යන අවස්ථාවක අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ ඉල්ලීම කරන්නේ අපි අපිටම ප්‍රශ්නයක් ඇති කරගන්නවාද නැත්නම් සමාජය තුළ අපි ගැන තියෙන විශ්වාසය තව වැඩිකරනවාද කියන චේතනාවෙන් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ.”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved