Connect with us

පුවත්

මොනරාගල ගංජා SSP හා කට්ටියම පස්සර පොලිසියේ රඳවාගනියි

Published

on

මොනරාගල ගංජා SSP හා කට්ටියම පස්සර පොලිසියේ රඳවාගනියිඅත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ රියැදුරුගේ සේවය අත්හිටුවා තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ, ගංජා සමග අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සේවය අත්හිටුවීමට අවශ්‍ය නිර්දේශ ප්‍රදේශය භාර නියෝජය පොලිස්පතිවරයා පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවයි.

අත්අඩංගුවට ගැනුණු මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 6 දෙනා ලබන 13 වැනිදා දක්වා රඳවා තබා විමර්ශනය කිරීමට අධිකරණයෙන් ඊයේ (09) අවසර හිමිවිය.

ඒ, අදාළ සැකකරුවන් ඊයේ පස්වරුවේ මොනාරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

නිදන් හාරන පිරිසක් පිළිබඳ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුව පෙරේරා දහවල් ජීප් රථයක් නවතා කළ පරීක්ෂාවේදී එම ජීප් රථයේ සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඔහුගේ රියැදුරු සහ තවත් පුද්ගලයින් හතර දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

නිදන් හෑරීම සඳහා පොළොව පරීක්ෂා කරන උපකරණයක් ද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් විශේෂකාර්ය බලකාය පසුව සොයා ගත්තේ ය.

ඒ අනුව පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ සිවිලිමේ සඟවා තිබු ගංජා පැළ තොගයක් ද නිවස පරීක්ෂා කිරීමේදී සොයා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ගංජා පැළ 650 ක් ඔවුන් සන්තකයේ තිබී සොයා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිස මේ වනවිට රඳවා ඇත්තේ, පස්සර පොලිස්ථානයේයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මුලිකත්වයෙන් කණ්ඩායමක් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇත.

පුවත්

බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට සංචාරක විසා දුන්නේ සංචාරක ගොඩ වැඩි කරන්නද?

Published

on

By

බංග්ලාදේශ ක්‍රිකට් පිලේ දැන් පැවැත්වෙන තරග සංචාරය වාර්තා කිරීමට මෙරට පැමිණ සිටින මාධ්‍යවේදීන්ට සංචාරක වීසා නිකුත් කිරීමෙන් ඔවුහු දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.

තරගාවලිය අවසන් වීමට පෙර වීසා කාලය අවසන් වීමෙන් බොහෝ මාධ්‍යවේදීන්ට විස්සයි20 තරගාවලිය ආවරණය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බවත් බොහෝ මාධ්‍යවේදීන්ට දින 14 සහ දින 21 සංචාරක වීසා නිකුත් කර ඇති බවත් ඔවුහු පවසති.

මෙවැනි තරගාලියක් සඳහා වීසා නිකුත් කිරීමේදී වෙනත් රටවල් තරගාවලිය පැවැත්වෙන කාලය අනුව වීසා නිකුත් නිකුත් කළ ද ශ්‍රී ලංකාව ඒ පිළිබඳව අවදානය යොමුකර නොමැති බව කියන බංග්ලාදේශ මාධ්‍යවේදීහූ ඒ හේතුවෙන් වීසා දීර්ඝ කරගැනීමට නැවත කාලය ගතකිරීමට සිදුව ඇති බව ද පවසති.

මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතට පවසා ඇත්තේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුව බංග්ලාදේශ මාධ්‍යවේදීන්ට වීසා නිකුත් කළ බවත් වීසා කාලය අවසන් වී සතියක් ගතවීමට පෙර දඩ මුදල් ගෙවීමකින් තොරව වීසා දීර්ඝ කරගත හැකි 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් කීපදෙනෙක් වීසා දීර්ඝ කරගැනීමට එම දෙපාර්තමේන්තුවට අද දිනයේ පැමිණි බව ද මහේෂ් කරුණාදාස මහතා වැඩි දුරටත් කීය. 

බංග්ලාදේශ මාධ්‍යවේදීන් 40 ක් පමණ මෙම තරගාවලියට වාර්තා කිරීමට පැමිණ සිටිති.

මාසයක පමණ කාලයක් පැවැත්වෙන මෙම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පසුගිය ජූනි මස 17 වැනිදා ආරම්භ වූ අතර අවසන් විස්සයි20 තරගය ලබන 16 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත.  

මාධ්‍යවේදීන්ට මෙසේ සංචාරක වීසා ලබාදී ඇත්තේ ලංකාවට පැමිණි සංචාරක ප්‍රමාණයේ ඉලක්කම් වර්ධනයට බවට ද මේවන විට ආගමන විගමන දෙපාර්තමේන්තුවට චෝදනාවක් එල්ලවී ඇතැයි පැවසේ.

Continue Reading

පුවත්

කහවත්ත පොලිස් ස්ථානාධිපති යාපනයට මාරුකරයි

Published

on

By

කහවත්ත යාඉන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාශයට මාරුකර තිබේ.

ඉකුත් ජුනි 30දා අදාග තරුණයා වෙඩිතැබීමකින් ඝාතනය ලක්වූ අතර, සිද්ධියෙන් තවත් තරුණයෙකු බරපතල තුවාල සහිතව රෝහල්ගත කෙරුණි.

Continue Reading

පුවත්

රනිල්, ඊලොන් මස්ක්ට ස්තූති කරයි

Published

on

By

‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව සියලුම ශ්‍රී ලාංකිකයන්ට ලබාදීම ගැන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක්ට සිය කෘතඥතාව පළ කර තිබේ. 

නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, නුදුරු දිනකදීම තමන් ඊලොන් මස්ක් හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බවය.

එම හමුවේදී මෙරට ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසරේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති 10වන ‘ලෝක ජල සමුළුවට’ සහභාගි වූ අවස්ථාවේදී ඊලොන් මස්ක් හමුවිය.

එය ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලැබීමේ ක්‍රියාවලියේ ආරම්භය වේ.

ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ඔහුගේ ‘X’ ගිණුමෙහි සටහනත් තබමින් පවසා සිටියේ, ‘Starlink’ අන්තර්ජාල සේවාව මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved