Connect with us

පුවත්

මොනරාගල SSPට ගංජා දුන් ඇතිමලේ OIC අල්ලගනියි!

Published

on

මොණරාගල කොට්ටාශය භාර හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතාගේ නිවසේ, සිවිලම මත තිබියදි, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නාලද ගංජා තොගය,ඒ මහතාට සැපයිම සම්බන්ධයෙන් සැකපිට ඇතිමලේ පොලිස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය ධර්මදාස මහතා අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් විසින් ඊයේ (12) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුහ.

ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවටට ගෙන ඇත්තේ, දැනට රැදවුම් නියෝග මත, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් පස්සර පොලිස්ථානයේ රදවාගෙන ප්‍රශ්ණ කරන හිටපු මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රකාශයකට අනුවය.

මොණරාගල හිටපු කොට්ටාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිවසේ සිවිලිම තුල සගවා තිබියදි, පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ පොලිස් කන්ඩායමක් විසින් ඉකුත් ජනවාරි 08දා, අත්අඩංගුවට ගන්නා ලද තරමක් වියලි ගංජා ප්‍රමානය කිලෝග්‍රෑමි 23කි.

ඇතිමලේ පොලිසියේ, පොලිස් නිළධාරින් පිරිසක් විසින් ඉකුත් 06 දා ඇතිමලේ කැබිලිත්ත ප්‍රදේශයේ සිදුකල වැටලිමකදි ගංජා හේනක් වටලා, මෙම ගංජා තොගය කපා, ට්‍රැක්ටර් රථයක පටවා පොලිසියට රැගෙනවිත් තිබු අතර, ඉන් කොටසක් ඇතිමලේ පොලිසියේ ජිප් රථයෙන්,මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රැගෙනවිත් භාර දි තිබුනේ, හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මතය.

හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා, ඇතිමලේ පොලිසියේ නිළධාරින්ට පවසා ඇත්තේ, මෙම ගංජා ජනමාධ්‍යයටද පෙන්වා ඔවුන් ඉදිරිපිට විනාශකිරිම සදහා අත්අඩංගුවට ගන්නා ලද මෙම ගංජා වලින් කොටසක් තමන්ට ගෙනවිත් භාර දෙන ලෙසය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකාර ඇතිමලේ පොලිසියේ ස්ථානාධිපතිරයා, අද (13) අධිකරනය හමුවට පැමිණවිමට නියමිතය. 

මේ අතර අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින මොණරාගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමග එක්ව, නිදන් ජාවාරමේ නියැලිම සමිබන්ධයෙන් මොණරාගල කොට්ඨාශයයේ තවත් පොලිස්ථානයක ස්ථානාධිපතිවරයකු අද, හෙටම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගැනිමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

(ලංකාදීප)

පුවත්

සජබේ අවුලක්: තවත් තිදෙනෙක් ඉල්ලා අස්වෙයි

Published

on

By

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

මෙසේ ආසන සංවිධායක ධූරවලින් ඉවත්ව ඇත්තේ, මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ, දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න සහ රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අලුවිහාරේ යන තිදෙනාය.

හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසන්නේ, ඔවුන් තිදෙනාම සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බවය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින් විසිහතර දින ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බවත් රජිත් අලුවිහාරේ මහතා පවසා තිබේ.

Continue Reading

පුවත්

විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Published

on

By

අද (24) සහ හෙට (25) දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය හා 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම් දීමක් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ යම් සිසුවෙකුට එම විභාග දෙකටම එකම දිනයකදී පෙනි සිටීමට සිදුව ඇත්නම්, ඔවුන්ට අ.පො.ස. සාමාන්‍යපෙළ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා වෙනත් දිනයක් ලබා ගත හැකි බවය.

ඒ සඳහා තමන් වෙත ලැබී ඇති ප්‍රවේශ පත්‍රය සහ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සඳහා නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රය හෝ එහි සහතික කළ පිටපතක් ලබන අඟහරුවාදාට පෙර අදාළ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Continue Reading

පුවත්

නිළි රැජිනගේ අවසන් කටයුතු අනිද්දා

Published

on

By

හෙළ සිනමාවේ නිළි රැජින අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළැඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදුකිරීමට නියමිතව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved