Connect with us

පුවත්

මෝදිගේ සංචාරය හේතුවෙන් වැසෙන පාරවල් ගැන අලුත්ම දැනුම්දීම

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක සිදුකරන විශේෂ රථවාහන සැලැස්ම පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (04) දිනයේ ද විශේෂ නිවේදනයක් සිදු කළේය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකරන රථවාහන සැලැස්ම සම්බන්ධව මීට පෙරද දන්වා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ පැමිණෙන හෙයින් අද සවස 6 සිට රාත්‍රී 10 දක්වා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හා බේස්ලයින් මාර්ගය අවස්ථා කිහිපයකදී වසා තැබීමට කටයුතු කරනු ලැබේ.

එමෙන්ම මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන තැනැත්තන්ට, මෙම මාර්ග වසාතැබීම පිළිබඳ අවධානය යොමු කරමින් තමන්ගේ සංචාරය සැලසුම් කරගන්නා ලෙසට දන්වා සිටි.

හෙට (05) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය යන ප්‍රදේශයන්හි මාර්ග අවස්ථා කිහිපයකදී වසා තැබේ.

ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටින් පිටව යන 6වනදා පෙ.ව 7.30 ත් 10.30 අතර කාලයේ අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ දුම්රියපොළ ආශ්‍රිතව ප්‍රධාන මාර්ග වරින්වර වසා තැබීමට කටයුතු කරනු ලැබේ.

එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව තම කටයුතු සිදුකර ගැනීම සඳහා විකල්ප මාර්ග වෙත යොමුකිරීම අවස්ථානුකූලව රථවාහන හසුරවන නිලධාරින් විසින් සිදු කරනු ඇත.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පුංචි ව්‍යාපාරිකයන් 200 ක් ඇප රහිත ණය අරන්

Published

on

By

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ප්‍රථම වරට හඳුන්වා දුන් ඇප රහිත ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට අයදුම්පත් දෙසිය පනහක් පමණ ලැබී තිබෙන අතර ඉන් දෙසිය දෙනකුට පමණ දැනටම ණය මුදල ලබා දී තිබේ.

මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික ණය සුරැකුම් ආයතනය පිහිටුවූයේ පසුගිය මස 6 වැනිදා ය. මාසයක පමණ කාලයක දී මෙතරම් පිරිසකට ණය ලබාදීමට හැකිවීමෙන් ආයතනය පිහිටුවීමේ අරමුණ ඉටු වී තිබෙන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. අයදුම්කර සතියක් ඇතුළත ණය මුදල ලබාදීමට හැකි වන ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එම නිලධාරියා කීවේය.

මේ යටතේ රුපියල් මිලියන විසිපහක උපරිම ණය මුදලක් ලබා ගත හැකි වෙයි. ණය මුදලින් සියයට හැට හතකට හෙවත් තුනෙන් දෙකකට අදාළව මෙම ආයතනයෙන් ආරක්ෂණයක් ලබා දෙයි. ඉතිරි ප්‍රමාණයට අදාළව ණය හිමියාගෙන් ආරක්ෂණයක් ලබා ගන්නේ ද යන්න බැංකුව තීරණය කළ යුතු වෙයි.

අයදුම්කරුවන් පන්දහසක් පමණ මෙම වැඩසටහනට එක්වනු ඇතැයි ණය සුරැකුම් ආයතනය අපේක්ෂා කරයි.

Continue Reading

පුවත්

‘ඉනිය භාරතී’ අත්අඩංගුවට

Published

on

By

හිටපු නැගෙනහිර පළාත් සභා මන්‍ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් ‘ඉනිය භාරතී’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්‍ අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ  සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

කලක් LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ඉනිය භාරතී පසුව කරුණා අම්මාන් සමග LTTE සංවිධානය අතහැර පැමිණි අයෙකු වේ.

මේ අතර 2005 සහ 2009 අතර කාලය තුළ තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ‘ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම විශේෂත්වයකි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved