Connect with us

පුවත්

මෝදි රනිල්ට දුන් පොර‍ොන්දුව අමුල් හරහා මිල්කෝ අරන් ඉටු කරයි

Published

on

මෙරට කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපොළවල් ඉන්දියාවේ අමූල් සමාගමට දීර්ඝ කාලීන බදු පදනම මත ලබාදීම සඳහා මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර විසින් ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේ එරට අගමැතිවරයා පවසා ඇත්තේ මෙරට කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ඉන්දියානු රජයේ සහයෝගය ලබාදෙන බවය.

ඒ අනුව, ඉන්දියාවේ පශු සම්පත් දෙපාර්තමේන්තුවේ නියෝජිතයා ලෙද අමූල් සමාගම සහ මෙරට සමාගමක් සමග එක්ව මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් මණ්ඩලයේ ගොවිපොළවල් 99 වසරක බද්දට ගෙන ඒවා දියුණු තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව, අමූල් සමාගම විසින් මිල්කෝ සමාගම සහ ජාතික පශු සම්පත් මණ්ඩලය සතු කර්මාන්තශාලා, ගොඩනැගිලි සඳහා රජය විසින් රුපියල් බිලියන 90 ක තක්සේරුවක් සිදුකර ඇති අතර, හයිලන්ඩ් නාමය සඳහා ලබාදී තිබෙන තක්සේරුව රුපියල් බිලියන දෙකකි. මීට අමරතරව, ජාතික පශු සම්පත් මණ්ඩලයේ තිබෙන උපකරණ ආදිය සඳහා වෙනම තක්සේරු කිරීමක් සිදු කෙරේ.

ඉන්දියාවේ අමූල් සමාගමට කොටස් සියයට 52 ක්ද, මෙරට සමාගමට කොටස් සියයට 48ක්ද පැවරෙන අතර දේශීය කිරි කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අවුරුදු 99 ක බදු ගිවිසුමකට යටත්ය.

මෙම ආයතනවල සේවයේ නියුතු සේවකයන්ගේ රැකියා සුරක්ෂිත කරන බවද එම පුද්ගලික සමාගම් විසින් රජයට දැනුම්දී ඇත. මිල්කෝ ආයතනයේ සේවයේ නියුතු අයවලුන් ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගනු ලබන්නේ නම් ඉහළ පාරිතෝෂික මුදලක් ලබාදීමටද රජය සැලසුම් කර ඇත.

ඉන්දියාවේ අමූල් සමාගමට එරටින් කිරි හෝ කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය කර අලෙවි කිරීමට නොහැකි බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කීවේය.

ඉන්දියාව විසින් වෙනත් රටවලට කිරි ගවයන් අපනයනය නතර කර ඇතත්, දේශීය කිරි ප්‍රවර්ධන සඳහා එරටින් කිරි ගවයන් මෙරටට ලබාදීමට නියමිතය.

මිල්කෝ සමාගම සතු නාරාහේන්පිට කර්මාන්තශාලාව සහිත භූමිය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට නියමිත අතර, බඩල්ගමට මිල්කෝ ප්‍රධාන කර්මාන්තශාලාව රැගෙන යාමට නියමිතය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved