Connect with us

පුවත්

මෝදි විවේචනයට අවස්ථාවක් දුන්නැයි ලාංකික ආචාර්යවරයා‍ට විනය පරීක්ෂණයක් 

Published

on

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විවේචනය කෙරෙන ප්‍රකාශනයක් තම ආචාර්ය උපාධි නිබන්ධන යෝජනාවලියට ඇතුළත් කළ බවට චෝදනා කරමින් දකුණු ආසියානු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධි අපේක්ෂකයකු හට ඊට හේතු දක්වන ලෙසටත් ඔහුගේ අධීක්ෂකවරයා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික ආචාර්ය සසංක පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමටත් පියවර ගෙන ඇතැයි “ඉන්දියන් එක්ස්ප්‍රස්” පුවත්පත උපුටා දක්වමින් “ද වයර්” වෙබ් අඩවිය සඳහන් කරයි.

පසුගිය නොවැම්බරයේ ආචාර්ය උපාධි අපේක්ෂකයකු කාශ්මීරයේ ජනවාර්ගික විද්‍යාව සහ දේශපාලනය පිළිබඳ ආචාර්ය උපාධි යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා එම ශිෂ්‍යයා ඇමෙරිකානු වාග් විද්‍යාඥ නෝම් චොම්ස්කි සමඟ කරන ලද සාකච්ඡාවකින් උපුටා ගත් නරේන්ද්‍ර මෝදි රජය විවේචනය කරන අදහස් ද ඇතුළත් කර ඇතැයි එම පුවත්පත වාර්තා කර ඇත. විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨාධිපතිවරයා වෙත යැවීමට පෙර ඔහුගේ අධීක්ෂකවරයා විසින් එම නිබන්ධන යෝජනාවලිය අනුමත කර ඇතැයි ද පුවත්පත පවසයි.

නරේන්ද්‍ර මෝදි රැඩිකල් හින්දු සම්ප්‍රදායකින් පැවත එන්නකු බවද, ඔහු ඉන්දියානු ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දැමීමට උත්සාහ කරන අතර, හින්දු තාක්ෂණාධිපත්‍ය පැනවීමට උත්සාහ කරන බවටත් නෝම් චොම්ස්කි ප්‍රකාශ කර ඇතැයි පුවත්පත් වාර්තාවේ සඳහන්ය.

එම පර්යේෂණ මාතෘකාව තෝරා ගැනීම සම්බන්ධයෙන් ආචාර්ය උපාධි අපේක්ෂකයා සහ ඔහුගේ අධීක්ෂක ආචාර්ය සසංක පෙරේරාගෙන් විශ්වවිද්‍යාලය කරුණු විමසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන් සමාව අයැද ඇතැයි ද, එම අදහස් දැක්වෙන වීඩියෝව ඉවත් කර ඇතැයි ද වාර්තා වේ.

විශ්වවිද්‍යාලය අධීක්ෂකවරයාගේ භූමිකාව සහ පර්යේෂණ යෝජනාව පිටුපස ඇති අභිප්‍රාය විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවා ඇති අතර එම කමිටුව පිහිටුවීමෙන් පසු, දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආරම්භක සාමාජිකයකු වන ආචාර්ය සසංක පෙරේරා ඉල්ලා අස් වී තිබේ.

පුවත්පත මෙම සිදුවීම සම්බන්ධයෙන් දකුණු ආසියානු විශ්වවිද්‍යාලයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණයක් ආරම්භ කර ඇති නමුදු ආචාර්ය උපාධි නිබන්ධනයක් පිළිබඳ සිදුවීමක් මත ආචාර්යවරයකු ඉල්ලා අස් නොවූ බවටය.

(දේශය)

පුවත්

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Published

on

By

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබඳ පොලීසියද දැනුම්වත් කිරිමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

Published

on

By

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර වයඹ, උතුරු – මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading

පුවත්

දකුණේ අයට ගුරුත්වාකර්ශනය අඩුයි, ආයුෂ වැඩියි

Published

on

By

ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජීවත් වන්නන්ට ඉහළ ආයු අපේක්ෂාවක් ලැබීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියයි.

එම තත්ත්වය මත එම පළාතට සංචාරකයන් සහ විදෙස් ආයෝජකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමෙන් සංචාරක කර්මාන්තය තවත් දියුණු කරගත හැකි බව ද ඔහු පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ පළාත් 9 අතුරින් ඉහළම ආයු අපේක්ෂා මට්ටමට හිමිකම් කියන්නේ දකුණු පළාතේ හම්බන්තොට සහ මාතර ආශ්‍රිතව ජීවත් වන පුද්ගලයන් බවත්, ඒ සඳහා ඉවහල් වී ඇති විවිධ සාධක අතුරින් නාසා ආයතනය ඉතා මෑතකදී හෙළි කළ චන්ද්‍රිකා තොරතුරුවලට අනුව ලොව අවම ගුරුත්වාකර්ෂණයට හිමිකම් කියන්නේ ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශ හා මාලදිවයිනට නැඟෙනහිරින් පිහිටි ඉන්දීය සාගරය බව හෙළි වී ඇති බවත් මහාචාර්යවරයා කියා සිටී.

ඒ අනුව ලොව ධනකුවේරයන් දකුණු පළාතේ සංචාරය කිරීමට උනන්දු කරවීම, ඔවුන්ට ඒ ප්‍රදේශයේ දිගුකාලීනව ජීවත් වීමට ඉඩ ප්‍රස්තා ප්‍රවර්ධනය කිරීම මෙන්ම අවම ගුරුත්වාකර්ෂණ තත්ත්වය වඩාත් උචිත ලෙස යොදාගත හැකි කර්මාන්ත එම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට විදෙස් ආයෝජකයන් දිරිගැන්වීම කාලෝචිත බවද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා කියා සිටී.

විශේෂයෙන් යුරෝපීය සංචාරකයන් අතර ආයුර්වේදීය, බටහිර සහ දේශීය වෛද්‍ය ක්‍රම ඇතුළත් සෞඛ්‍ය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත බවද මහාචාර්යවරයාගේ අදහසයි. 

මහාචාර්යවරයා මේ තොරතුරු අනාවරණය කළේ 2000-02 සහ 2011-13 වර්ෂවලදී මෙරට ජීවන වගුවලින් හෙළි වූ ස්ත්‍රී-පුරුෂ ආයු අපේක්ෂා පිළිබඳ දත්ත පදනම් කර ගනිමිනි.

මූලාශ්‍රය – සිළුමිණ 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved