Connect with us

පුවත්

යාපනේ දූපත්වලට විදුලිය දෙන්න ආ U-Solar වෙතින් ආණ්ඩුවට කරන්ට්වදින ලිපියක් 

Published

on

ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල ඩොලර් මිලියන 11ක විදුලි ව්‍යාපෘති සඳහා ලංසුව හිමිව තිබූ U-Solar Clean Energy Solutions (Pvt) Ltd සමාගම එම ලංසුවෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා රජයට දන්වා ඇතැයි වාර්තා වේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව U-Solar Clean Energy Solutions (Pvt) Ltd සමාගම වෙත ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල ඩොලර් මිලියන 11ක විදුලි ව්‍යාපෘතිය සඳහා ලංසුව ලබා දීමේ යෝජනාවට 11 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද බව ඊයේ (12) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් U-Solar Clean Energy Solutions (Pvt) Ltd සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ, කේ.ආර් හරිනාරයන් මහතා විසින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ තමන් එම කුඩා දූපත්වල දෙමුහුන් (Hybrid) පුනර්ජනනීය බලශක්ති පද්ධති ගොඩනැගීම සඳහා වූ අංක SEA/PD/RES/25-2022 දරණ ලංසුවෙන් ඉවත් වන බවය.

ඊට අදාල ලිපිය පහතින් දැක්වේ,

“2023.11.17
අධ්‍යක්ෂ ජෙනරාල් වෙත,
දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය,
අංක 72, ආනන්ද කුමාරස්වාමි මාවත,
කොළඹ 07, ශ්‍රී ලංකාව.
හිතවත් මහත්මයාණනි,

ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් කුඩා දූපත් වල දෙමුහුන් (Hybrid) පුනර්ජනනීය බලශක්ති පද්ධති ගොඩනැගීම සඳහා වූ අංක SEA/PD/RES/25-2022 දරණ ලංසුවෙන් ඉවත් වීම.

ඉහත ලංසු කැදවීමට අදාළව අපි විසින් 2023.10.27 දිනැතිව ඔබ වෙත ඉදිරිපත් කරන ලද ලංසුව විධිමත්ව ඉවත් කර ගැනීමට ලියන මෙම ලිපිය ඔබ වෙත නිවැරදිව ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

අපි විසින් අපගේ වර්තමාන එකඟතා සහ සම්පත් පිළිබඳව කරනු ලැබූ නැවත තක්සේරුවකින් (ඩොලර් අනුපාතය) පසුව කනගාටුවෙන් වුවද මෙම ලංසු ක්‍රියාවලිය තුළ ඉදිරියට නොයාමට තීරණය කළෙමු.

මෙම ලංසු කැඳවීම සඳහා අප හට සහභාගී වීමට ඉඩදීම ගැන අපි අගය කරමු. මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අප හට අවබෝධ වන අතර අපගේ මෙම ඉවත් කර ගැනීම නිසා යම් අපහසුතාවක් සිදු වූයේ නම් එයට අපි සමාව ඉල්ලමු.

මෙම ලංසු ක්‍රියාවලියේ පාරදෘශ්‍ය භාවය සහ සාධාරණත්වය පිළිබඳ අපි, අපගේ කෘතඥතාවය පලකර සිටිමු. මෙම ඉවත් වීම ඔබ ආයතනය සමඟ අනාගත අවස්ථාවන් සඳහා සහභාගී වීමේ අපගේ හැකියාව කෙරෙහි බලපෑමක් සිදු නොවනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මෙම ඉවත් වීම සම්බන්ධයෙන් යම් විධිමත් භාවයක් හෝ ක්‍රියාවලියක් අප විසින් පිළිපැදිය යුතු නම් ඒ බව අප වෙත ඔබට හැකි විගසින් දැනුවත් කරන්න.

ඔබගේ කාලය සහ සැලකීම ගැන ස්තුතියි,
කේ.ආර්. හරිනාරයන්
(ප්‍රධාන විධායක නිලධාරි සහ අධ්‍යක්ෂ)

මූලාශ්‍රය – ලංකා ටෲත්

සබැඳි පුවත්
යාපනේ දූපත්වලට ඉන්දියාවෙන් විදුලිය

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved