Connect with us

පුවත්

“යුක්තිය” අත්හිටුවන ලෙසට එක්සත් ජාතීන්ගෙන් නිර්දේශයක්

Published

on

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින පුද්ගලයින් සියලු දෙනා නිදහස් කරන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට යළිත් වරක් නිර්දේශ කර තිබේ.

ඒ, එහි මහකොමසාරිස් වොල්කර් ටර්ක් ඊයේ අගොස්තු 22 වැනිදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ වාර්තාවකිනි.

මේ වසරේ සැප්තැම්බර් 9 වැනිදා සිට ඔක්තෝබර් 9 වැනිදා දක්වා වු මසක කාලයක් තුළ රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  57 වැනි සැසියට අදාළ වාර්තාවක් නිකුත් කෙරුණි.

එහි දක්වා ඇත්තේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති සමයේ කළ මත්ද්‍රව්‍ය විරෝධී ‘යුක්තිය මෙහෙයුම’ අත්හිටුවන ලෙසටය.

එමෙන් ම එක්සත් ජාතීන්ගේ විශේෂඥ මණ්ඩලයක් මේ වසරේ ජනවාරි 22 නිවේදනයක් නිකුත් කරමින් යුක්තිය මෙහෙයුම අත්හිටුවා එම මෙහෙයුම සමාලෝචනය කරන ලෙසත් ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා ඇත.

මේ අතර ගිනි අවිය භාවිත කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ටිරාන් අලස් මහතා විසින් අප්‍රේල් මස පොලිසියට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

පුවත්

කෝටි 24ක කොකේන් එක්ක විදේශිකයෙකු ගුවන්තොටේ දී මාට්ටු

Published

on

By

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන, ඒවා කාඩ්බෝඩ් මත අලවා, ඒවා මත කළු පැහැති කඩදාසි අලවා, එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි.

(ලංකාදීප)

Continue Reading

පුවත්

ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක්

Published

on

By

ශ්‍රී ලංකාවට ආවේණික නව මදුරු විශේෂයක් හඳුනාගෙන තිබේ.

ඒ, මීරිගම ප්‍රදේශයෙනි.

එම මදුරු විශේෂය නම් කර ඇත්තේ, කියුලෙක්ස් ලොපසෙරමියා සින්ටලස් ලෙසයි.

ප්‍රධාන පෙළේ වෛරස් වාහකයෙකු ලෙස එම මදුරු විශේෂ හඳුනාගෙන ඇතැයි, වෛද්‍ය පර්යේෂණායතනයේ කීට විද්‍යාඥ ගයාන් කුමාරසිංහ මහතා සඳහන් කළේ ය.

(News 1st) 

Continue Reading

පුවත්

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද මැතිවරණ කොමිසමට

Published

on

By

සියලු තැපැල් ඡන්ද පත්‍රිකා අද (20) දින මැතිවරණ කොමිසමට භාරදෙන බව රජයේ මුද්‍රණාලය පවසයි.

අධිකරණය පැනවූ වාරණයක් හේතුවෙන් පළාත් පාලන ආයතන 102 ක ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වී තිබුණි.

ඒ අනුව, මේ වන විට එම ආයතනවලට අදාළ සියලු තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කෙරෙන බව, රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved