Connect with us

පුවත්

යුද හමුදාවට සමාජ මාධ්‍ය තහනම් කරයි!

Published

on

ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික ‌ කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර තිබේ.

මේ නියෝගය ලබාදී ඇත්තේ පසුගිය 12 වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදිය.

යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට මෙම දැනුවත් කිරීම කර ඇත.

සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතු බවද මෙමගින් නියෝග කර ඇත.

සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවිවල සබඳුමක් (Link) උත්පතනය කිරීම (uploading), පෝස්ට් කිරීම (Posting) එමගින් යොමු කිරීම (Forwarding) සහ බෙදාහැරීම (Sharing) තහනම් බවද දැනුම් දී තිබේ.

වාර්ගික ආගමික සුසංවාදයට හානි පමුණුවන කරුණු, කිසියම් පුද්ගලයකු හෝ සංවිධානයක් පිළිබඳ අපකීර්ති කර ප්‍රකාශ, මෙන්ම මෙරට නීතියකින් තහනම් කළ කිසියම් කරුණක් හුවමාරු කිරීමද මේ අනුව තහනම්ය.

නිල ඇඳුම හෝ හමුදා ආයතන උපකරණ පෙන්නුම් කරන පැතිකඩ ඡායාරූප (profile pictures) හෝ පසුතල ඡායාරූප (cover photo graph) ප්‍රදර්ශනයද තහනම් කර ඇත.

යුද හමුදා සාමාජිකයන්ට සමාජ ජාලා වෙබ් අඩවි මෘදුකාංග පරිශීලනයේ දී යුද්ධ හමුදා විනය හා යුද්ධ හමුදා ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම පිළිබඳ උපදෙස් උල්ලංඝනය කිරීම ගැන සයිබර් ආරක්ෂණ ඒකකය මගින් නිරීක්ෂණය කර ඇතැයිද මෙයින් පෙන්වා දී ඇත.

ඉමෝ ලයිව්, ටික් ටොක්, ස්කයිප්, වයිබර්, වට්ස්ඇප්, ෆේස්බුක්, ට්විටර්, වී චැට් වැනි මෘදුකාංග භාවිතා කරමින් තම යුද හමුදා අනන්‍යතාවයන් පිළිබිඹුවන ආකාරයේ වීඩියෝ අන්තර්ජාලය වෙත මුදාහැරීමද මේ වන විට බහුලව නිරීක්ෂණය වන බවත් එය හමුදා නියෝගවලට පටහැනි බැවින් එයින් වැළකී සිටින ලෙසත් දන්වා ඇත.

මේ අතර, ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ අදාළ නියෝගයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේවන විට හමුදා සාමාජිකයන්ගේ දුෂ්කර දීමනා ඇතුළු දීමනා රාශියක කප්පාදුව හා ඒ සම්බන්ධයෙන් ආරක්ෂක සාමාජිකයන් කල කිරීමෙන් පසුවීම නිසා එම විවේචන සමාජ මාධ්‍ය තුළින් එළියට ඒම වැලැක්වීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙසයි.

පුවත්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන අදහස් විමසීම අද

Published

on

By

මෙරට පුනර්ජනනීය සංවර්ධකයින් මුහුණදෙන අභියෝග හඳුනාගැනීම සඳහා මහජන උපදේශනයක් අද (02) පැවැත්වෙන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එම කොමිසම නිවේදනය කළේ, අද උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පාර්ශවකරුවන්ගේ අදහස් වාචිකව ලබා ගැනීමට නියමිත බවය.

2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ 17 වන වගත්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්ය.

මේ අතර සූර්ය බල ඉදිකිරීම් සංගමයේ සභාපති වෛද්‍ය ශ්‍යාම් පතිරාජ මහතා පැවසුවේ මෙරට මෙරට පුනර්ජනනීය බල ශක්ති ක්ෂේත්‍රයට එල්ල වී ඇති අර්බුදය සම්බන්ධයෙන් පර්ශවකරුවන් රැසක් එහිදී කරුණු දැක්වීමට නියමිත බවය.

පුනර්ජනනීය බල ශක්තියේ කිසිදු කප්පාදුවක් ආණ්ඩුව විසින් සිදුකර නොමැති බව රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීවරයා පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved