Connect with us

පුවත්

යුනාන් ආණ්ඩුකාරයා සහයෝගිතාව වර්ධනය කරගන්න අගමැතිට ​ඇරයුම් කරයි

Published

on

චීනයේ යුනාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර සමීප සහයෝගීතාවයක් ඇති කර ගැනීමේ අවස්ථා පිළිබඳව සොයා බලන්නැයි යුනාන් පළාතේ ආණ්ඩුකාර වාන්ග් යුබෝ මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

අද දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී දෙපාර්ශවය අතර වෙළෙඳ , සංචාරක, කෘෂිකර්ම, තාක්ෂණ සහ ආයෝජන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඇතිකරගැනීම පිළිබඳව ඔවුහු සාකච්ඡා කළහ.

යුනාන් පළාත් ආණුඩුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සමඟ පැමිණි වැන්ග් යූබෝ මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ තාක්ෂණික කුසලතා සංවර්ධනය සඳහා සහාය වීමට කැමැත්ත පළ කළේය. මිලියන 50 ක ජනගහනයක් සහ 2022 දී ඩොලර් බිලියන 417 ක දළ දේශීය නිෂ්පාදිතයක් සහිත යුනාන් පළාත ශ්‍රී ලංකාව වැනි මිත්‍ර ජාතීන්ට උපකාර කළ හැකි තත්ත්වයක සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුකාරවරයා කොළඹ වරාය නගරය නිරීක්‍ෂණය කළේය.

ඔහු මහනුවර, පොළොන්නරුව සහ නැගෙනහිර පළාතේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී රුපියල් මිලියන 25 ක් වටිනා පාසල් උපකරණ කට්ටල සහ වියළි ආහාර නගරයේ පාසල් කිහිපයකට බෙදා දීමට නියමිතය.

නියමු ව්‍යාපෘති ලෙස ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ වැඩි ඉඩ ප්‍රස්ථාවක් ඇති බව එම සාකච්ඡාවලදී ඔවුන් හඳුනාගෙන ඇත. 

නව්‍ය ඩිජිටල් ආර්ථික යාන්ත්‍රණය මගින් ප්‍රාදේශීය ප්‍රජාවන්ට සෘජුවම ප්‍රතිලාභ ලැබිය හැකි බව ද ඔවුහු අවබෝධ කරගත්හ.

 ව්‍යවසායකත්වය, ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් ප්‍රවර්ධනය කරමින් ආර්ථිකය සවිබල ගැන්වීමට සහාය වන ලෙස අග්‍රාමාත්‍යවරයා යුනාන් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටියේය. 

ආදායම් ඉපැයීම, දිළිඳුකම අවම කිරීම සහ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා පුද්ගලයන් සවිබල ගැන්වීම බෙහෙවින් ඉවහල් වන බව එහිදී ඔහු පෙන්වා දුන්නේය.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved