Connect with us

පුවත්

යූරියා නැවක් හෙට ලංකාවට

Published

on

යූරියා මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් හෙට (10) මෙරටට ළඟා වන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.  

එහි ලේකම් ගුණදාස සමරසිංහ ප්‍රකාශ කළේ තවත් යූරියා මෙට්‍රික් ටොන් 11,250 ක් රැගත් තවත් නෞකාවක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ළඟා වන බවයි.

ඒ අනුව යල කන්නයට අවශ්‍ය යූරියා පොහොර අවශ්‍යතාව සම්පූර්ණ වන බව ඔහු කියා සිටින අතර, යල කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර තොග මෙරට තුළ පවතින බවද පවසා සිටියේය.

කෙසේවෙතත්, ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වන්නේ මෙම යූරියා තොගය ගෙන්වා ඇත්තේ පෞද්ගලික ආයෝජකයකු විසින් බවත්, මෙය කෘෂිකර්ම අමාත්‍යංශය හෝ කෘෂිකර්ම අමාත්‍යංශයේ සැලැසුමක් සහිතව ගෙන්වන ලද නෞකාවක් නොවන බවත්ය.

මේ අතර, සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ කිසිදු හිඟයකින් තොරව යල කන්නයට අවශ්‍ය පොහොර බෙදා හැරීම සිදු කරන බවත්, පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන්ට නිකුත් කරන කූපන් පත්වලින් 60% ක් මේ වනවිට බෙදා හැර ඇති බවත්ය.

පුවත්

නීතිවිරෝධීව ගෙන්වන ලද මෝටර් රථයක් රේගු භාරයට

Published

on

By

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ.

එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය.

ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙන තිබේ.

එමෙන්ම පසුගිය මාස දෙක තුළ නීති විරෝධීව ගෙන්වන ලද වාහන අමතර කොටස් 200ක්ද රේගුව අද (06) මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරන ලදී.

Continue Reading

පුවත්

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ දැනුම්දීමක්

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ.

ඒ අනුව විදුලිබල මණ්ඩලය එම යෝජනා ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ පවතින විදුලි ගාස්තු සංශෝධනයකින් තොරව ඉදිරි මාස 6 පවත්වාගෙන යා යුතු බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලොහාන් යළිත් අත්අඩංගුවට

Published

on

By

ඇප මත මුදා හැර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා යළි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බීමතින් රිය පැදවීම හේතුවෙන් සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොල්ලුපිටිය ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

ඔහු ඊයේ (05) දින ඇප මත මුදා හැරීමටද අධිකරණය නියෝග කර තිබුණි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved