අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක 5 අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය නියෝග කළේය.
යෝෂිත CID රැගෙන එයි
අද උදෑසන අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂව අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදීය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
රත්මලාන, සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගිය 23වනදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.
මේවන විට නඩු කරයක් පවතින අදාළ සිද්ධියයේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක්වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාවයි.
(පෙර පුවත: 2025 ජනවාරි 25, ප.ව.4:42)
යෝෂිත CID රැගෙන එයි (Update)

(පෙර පුවත: 2025 ජනවාරි 25, පෙ.ව.10:23)
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය ජනවාරි 3වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද පැමිණ තිබුණි.