Connect with us

පුවත්

රක්වානේ ලැඟුම්හලක තරුණියක් දිවි නසාගත්  සිද්ධියට 2ක් අත්අඩංගුවට

Published

on

රක්වාන පොලිස් වසමට අයත් මාදම්පේ, පනාවල ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ තරුණියක ගෙල වැලලා ගෙන මියයාමේ සිද්ධියට පොලිසිය විසින් ‌දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ගෙල වැලලාගෙන තිබුණේ රක්වාන, පුංචිබාරවත්ත, ස්ටබිඩන් වතුයායේ පදිංචි ක්‍රිෂ්ණන් ප්‍රදීපා නමැති විසි දෙහැවිරිදි අවිවාහක කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්වාන ඩෙල්වින් වතුයායේ පදිංචි විසිතුන් හැවිරිදි තරුණයකු සහ හෝටල් හිමිකාරිය රක්වාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය තරුණිය ඇගේ පෙම්වතිය බව කියන තරුණිය සමඟ මෙම ලැඟුම්හලට සිද්ධිය වූදා පස්වරු 1.30ට පමණ ගොස් ඇත.

අනතුරුව මොවුන් දෙදෙනා එහි රැඳී සිටියදී සවස හතරට පමණ පෙම්වතියට කෑම පාර්සලයක් රැගෙන ඒමට බව පවසා තරුණයා ඔහුට අයත් ත්‍රිරෝද රථයකින් පිටතට ගොස් විනාඩි දහයකින් පමණ පසු නැවත පැමිණි අවස්ථාවේ කාමරයේ දොර වසා තිබී ඇති අතර, කිසිදු ශබ්දයක් නැති නිසා හෝටල් හිමිකාරිය සමඟ පිටුපස ජනේලයක් කඩා කාමරයට ඇතුළු වී ඇත.

ඒ වන විට මියගිය තරුණිය ඇය ඇඳ සිටි සල්වාර් පටියෙන් නාන කාමරයේ ජනෙල් උළුවස්සේ ගෙල වැලලාගෙන සිටි බැවින් ඇය ලිහා බිමට ගෙන හෝටල් හිමිකාරියගේ ද සහාය ඇතිව ත්‍රිරෝද රථයක් මගින් කහවත්ත රෝහලට රැගෙන ගිය බවත් ඇයගේ පෙම්වතා යැයි පවසන සැකකරු පොලිසියට පවසා තිබේ.

තරුණියගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ අපරාධ ස්ථානීය පරීක්ෂණය රක්වාන වැඩබලන මහේස්ත්‍රාත් සරත් විජේගුණවර්ධන මහතා විසින් ඊයේ (05) දින පැවැත් වු අතර, මියගිය තරුණියගේ මරණ පරීක්ෂණය කහවත්ත මූලික රෝහලේදී කිරීමට නියමිතව ඇතැයි ද පොලිසිය කියයි.

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved