Connect with us

පුවත්

රකිඛිත හා එරංග CIDයේ ලොක්කන්ට අල්ලස් දෙන්න පෙළඹූ බවට තාඹුලගෙන් හෙළිදරව්වක්

Published

on

 තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් තාඔුගල මහතා තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලඥයන් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය.

සමහර දේශපාලඥයින් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඔඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේදී පැවසු විරන්ජිත් තාඔුගල මහතා මේවා සිහියට නැඟෙන විට සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවත් පැවසීය.

පොලිසියය බාරව සිටි අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ ඉල්ලීමකට අනුව සෑම පොලිස්ථානයකටම සීසීටීවී කැමරා මට අයත් අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මඟින් සවි කර දීමට කැමති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් ඔහුගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස් මහතාගේ කීමට මා එකඟ නොවීම නිසා ඔහු සහ පොලිසියය මා සමඟ අමනාප වුයේ යැයිද කීය.

නීති විරෝධී ආකරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරික්ණ දෙපාර්තමෙන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඔුගල මහතා එසේ පැවසීය.

නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වැඩිදුරටත් ප්‍රකාශය කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඔුගල මහතා මෙසේද පැවසීය.

ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බංඩාරගේ බෑණා වන නීතිඥ එරංග වැලිඅංගේ යන මහත්වරු දෙන්නා දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශණයක් ආරම්භ කර ඇති බව මට කිව්වා.

‘එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි කියලත්’ එයාලා මට කිව්වා මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහල නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.

වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.

පසුව මා ඔවුන් සමඟ කතා කර රුපියල් කෝටි තිහේ කප්පම් මුදල රුපියල් කෝටි දොලහ දක්වා අඩු කර ගත්තා. තවදුරටත් කතා කර කෝටි දොලහේ කප්පම් මුදල කෝටි පහ දක්වා අඩු කර ගෙන එම රුපියල් කෝටි පහක මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා. මා පොරොන්දු වූ කෝටි පහේ මුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් මා ඔවුන්ට දුන්නා. ඊට අමතරව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් රාජකරුණටත් තවත් රුපියල් කෝටි දෙකහාමාරක මුදලක් මා දුන්නා. මේ මුදල් දුන් බව තහවරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්සි රැසක් මා ලඟ තියෙනවා.

විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා. එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ. මා ලග දැනට තියෙන මූල්‍යමය වත්කම් වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිම කරන්න මට පුලූවන්. මේ වත්කම් සියල්ල මා විදෙස් රට වලින් නීත්‍යානූකූලව උපයා ගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා. මෙම මුදල් මා මෙරටදී උපයා ගත් මුදල් නෙමේ. ඒ සියල්ල විදේශ රට වලින් උපයා ගත් ඒවා. දැනටත් විදෙස් රට වලින් මා නිත්‍යානුකූලව මුදල් උපයා ගනිමින් සිටිනවා.

මා සතුව ඇති නිත්‍යානූකූල මෙම වත්කම්වලට අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා. මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා. කිසිඳු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේශ සහගතව කරන කෙනෙහිලිකම්, බලපෑම් මෙනම හිරිහැර සිහියට නැගෙන විට සිය දිවි නසා ගැනීමට මට සිතෙන වාර අනන්තයි. මහජන අරක්ෂාව බාර අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් මහතා ඇමතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කලා ලංකාවේ පොලිස්ථාන අලූත්වැඩියා කර දෙන්න කියලා. ඊට එකඟ වු මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලූවා. ඊට අමතරව සෑම පොලි්ස්ථානයකටම සීසීටීවී කැමරා එක ගානේ සවි කර දෙන්න මා පොරොන්දු වුණා. මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්’ මගින් කර දෙන්නම් කියා මා අමාත්‍ය ටිරාන් අලස් මහතාට කිව්වා. ඒත් ඔහු ඒකට අකමැති වුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියළු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.

එතැන් සිටි ටිරාන් අලස් මහතා මා ගැන වෛරයෙන් කටයුතු කලා. රහස් පොලිසියේ නීති විරෝධී දේපල හා වත්කම් විමර්ශන කොට්ඨසයේ නිලධාරීන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල් වලින් කොටසක් ඔවුන් ලබා ගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියළු සාක්සි මා සතුව තිබෙනවා.

රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගෙන් කප්පම් ඉල්ලීමත් කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්සි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහනාම මහතාගේ සහය මා ලබාගත්තා. එලෙස සහය ලබා ගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහනාම මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පළි ගන්න උත්සහ කරනවා.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ AGM කෙනෙක් උසාවි කැඳවයි

Published

on

By

නීතිපතිවරයා විසින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ හිටපු ප්‍රධානියකුට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (01) නියෝග කළාය.

අංක HC 39/2019 දරන මෙම නඩුවේ විත්තිකරු ලෙස මහජන  බැංකුවේ මූලස්ථාන ශාඛාවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ විතානගේ දොන් දයානන්ද මහතා නම් කර තිබුණි.

අදාළ නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2006 ජුනි මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹදී යම් ලේඛනයක් එනම් යශෝධා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් විසින් 1995 ජූලි 27 වැනිදා ලියා අත්සන් කර අදාළ රාජ්‍ය බැංකුවේ මූලස්ථාන ශාඛාව වෙත ඉදිරිපත් කර ඇති බවට හැඟවෙන පරිදි සකස් කර තිබූ රුපියල් කෝටි 200කට අදාළ පුද්ගලික සුරැකුම් පතක් ලෙසට සාදන ලද ලේඛනයක් කූට ලෙස සාදනු ලැබූ බව දැන දැනම ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී එම ලේඛනය නිර්ව්‍යාජ ලේඛනයක් ලෙස වංචනිකව භාවිත කිරීමෙන් එනම්, කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවැති අංක 122/2004 දරන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වී ඉහත සඳහන් ලේඛනය නඩු භාණ්ඩයක් ලෙස විත්තිකරු විසින් ඉදිරිපත් කළ බැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 459 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු සිදුකර ඇතැයි සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව පවරා තිබුණි.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 22ක්ද නඩු භාණ්ඩ 18ක්ද නම් කර තිබුණි.

මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිපතිවරුන් වන සම්පත් හේවාපතිරණ, රොෂාන් ඩයස් සහ මහසෙන් සිල්වා යන මහත්වරු පෙනීසිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කැඳ­වීම් කර තිබු­ණත්,  රාජිත-විමල් අල්ලස් කොමි­ස­මට ඇවිත් නෑ

Published

on

By

අල්ලස් කොමි­සම සිදු කරන විම­ර්ශ­න­යක් සඳහා ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස හිටපු ධීවර ඇමැති රාජිත සේනා­රත්න මහ­තාට දැනුම්දී තිබුණ ද අස­නීප තත්ත්ව­යක සිටින බව පව­ස­මින් ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමු­වට පැමිණ තිබුණේ නැත.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘ­ති­යක් රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලීන් උල්ලං­ඝ­නය කර­මින්, අත්ත­නෝ­ම­ති­කව සහ නීති විරෝ­ධීව කොරි­යානු සමා­ග­ම­කට දීමෙන් රජ­යට පාඩු­වක් සිදු කළ බවට ලද පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් කොමි­සමේ විශේෂ විම­ර්ශන ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් ඊයේ උදෑ­සන 9ට ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස රාජිත සේනා­රත්න මහ­තාට ලිඛි­තව දැනුම්දී තිබුණු අතර ඔහු වෙනු­වෙන් ඔහුගේ නීති­ඥ­යකු උදෑ­සන කොමි­සම හමුවේ පැමිණ, සේනා­රත්න මහතා අස­නීප තත්ත්ව­යක සිටින බවට දැනුම දෙමින් විම­ර්ශ­න­යට සහ­භාගි විය නොහැකි බවට ලිපි­යක් භාර දී තිබේ.

එමෙන්ම හිටපු නිවාස හා ඉදි­කි­රීම් අමා­ත්‍ය­ව­රයා වන විමල් වීර­වංශ මහ­තාට ද අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඔහු අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ කාලය තුළදී ඇතැම් වෙළෙ­ඳ­සල් විකි­ණීම සිදු කරන විම­ර්ශන සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.

ඔහු ද ලබා දුන් දිනයේ පැමි­ණිය නොහැකි බව දන්වා දින­යක් ඉල්ලා ඇති බව වාර්තා විය.

මූලාශ්‍රය – දිනමිණ

Continue Reading

පුවත්

දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද සිට Online ක්‍රම­යට

Published

on

By

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved