Connect with us

පුවත්

රජයට රුපියල් මිලියන 400ක් පාඩු කළ ගුවන්පාලම

Published

on

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම්කර ඇති ගුවන් පාලමක ඉදිකිරීම් අතරමග නවතා දැමීම හේතුවෙන් මේ වනවිට රුපියල් මිලියන 400කට අධික මුදලක් කොන්ත්‍රාත් සමාගමට ගෙවීමට රජයට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ පිළිබඳ ඊයේ (28) හෙළිදරව් කළේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිරීක්ෂණයකට එක්වීමෙන් අනතුරුවය.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති ගුවන් පාලම් 3න් බාලදක්ෂ මාවත ඔස්සේ ඉදිවෙමින් පවතින ගුවන් පාලම කොම්පඤ්ඤවීදිය පොලිස් පැරණි නිල නිවාස හරහා ඉදිකිරීමට සැලසුම්කර තිබේ.

ඒ අනුව නිල නිවාස 6ක් කඩා ඉවත්කිරීමට සිදුව ඇති අතර ඒ හේතුවෙන් වසර දෙකක් පමණ එම ව්‍යාපෘතිය ප්‍රමාද වී තිබුණි.

ව්‍යාපෘතිය කඩිනම් කර ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද එහි නිරීක්ෂණයක නිරත විය.

එහිදී අදහස් දැක්වූ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා,

“ගොඩනැගිලි 6ක් කඩා ඉවත්කරන්න සිදුවෙනවා. එම ගොඩනැගිලිවල පදිංචි වී සිටින ගොඩක් නිලධාරීන් පොලීසියේ සහ ආණ්ඩුවේ ඉල්ලීම මත වෙනත් ස්ථානවලට ගිහින් තිබෙනවා. නමුත් සීමිත පිරිසක් තවමත් රැඳී සිටි නිසා ඒ නිසා ඉදිරිකිරීම් කටයුතු වසර දෙකක කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. මේක ප්‍රමාදවීම නිසා දිනකට රුපියල් ලක්ෂ 5ක අමතර මුදලක් රජය දැරිය යුතුයි. දැනට රුපියල් මිලියන 400කට අධික මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙව්වා. දැනට පදිංචි වී සිටින පවුල්වල අයට කිසිම අගතියක් වෙන්නේ නැතුව තාවකාලික ස්ථාන ලබාදෙනවා යන්න. අපි උපරිම මාස එකහමාරක් ඇතුළත ඒ අයටත් ස්ථීර ස්ථාන ලබාදෙනවා.”

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved