ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයන් පවසයි.
ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද පෙරවරුවේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බව වෙළෙන්දන් පෙන්වාදෙයි.
එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බවත් ඔවුන් පෙන්වාදෙයි.
ඉකුත් දිනවලින් ඉහල මිල ගණන් ද යටතේ අලෙවි වූ අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 150 ක් 200 ත් අතර පහත වැටී තිබුණි.
රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 150ත් 200 ත් වැනි මිලකට මෙදින අලෙවි වූ අතර වට්ටක්කා කිලෝව රුපියල් අනුවත් සීයක් අතර මිලකට අලෙවි විය.
විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 03 දින දහවල් වන විට රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයකි.
ඒ අනුව ලීක්ස් කිලෝවක්ද රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි විය.
ව්‍යාපාරිකයන් පෙන්වාදෙන්නේ, කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද පහත වැටී ඇති බවය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි වූ අතර එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවිවීම විශේෂත්වයකි.
එළවළු සිල්ලර මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ තොග මිලදී ගත්තද ඒවා වැස්ස සමග විනාශ වීම නිසා විශාල වශයෙන්ම ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් බව සිල්වර වෙළෙන්දෝ පෙන්වාදෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්,
- බෝංචි 650 ත් 700
- ලීක්ස් 100ත් 140
- කැරට් 60 ත් 100
- ගෝවා 40 ත් 100
- තක්කාලී 180. 200
- රාබු 30 ත් 60
- නො කෝල් 280.ත් 300
- කැකිරී 50 ත් 60
- පිපිඤ්ඤා 80ත් 100
- වැටකොලු 160 ත් 240
- බණ්ඩක්කා 50 ත් 60
- පතෝල 150 ත් 160
- වම්බටු 150 ත් 200
- අමු මිරිස් 150ත් 200
- මැකරල් 30ත් 50
- මාළු මිරිස් 300 ත් 350