විදේශගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කර ඇති බවට චෝදනා එල්ලවී ඇති නිසා එසේ විදුලි වාහන ගෙන්වීමට තවදුරටත් අවස්ථාව දෙන්නේද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට පවරා ඇතැයි වාර්තා වේ.
ජනපතිවරයා මේ තීන්දුව ගෙන ඇත්තේ මහා භාණ්ඩාගාරය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනපතිවරයාගේ අවදානය යොමු කිරීමෙන් අනතුරුව බවද පැවසේ.
ශ්‍රී ලංකා රේගුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයකින් පසුව වාහන ගෙන්වීමට දුන් අවසරය අවභාවිතා කළ බවට තොරතුරු හෙළිකර තිබිණි.
මේ අතර, රේගු ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ අදාළ බලපත්‍ර භාවිතා කර වාහන ගෙන්වූ අය ඒවා අඩු තක්සේරු කර ගෙන්වීමේ අක්‍රමිකතා සිදුකර ඇති බවට පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවයි.
මේවන විට විදුලි වාහන 119ක් ගෙන්වා ඇති බවත්, ඉන් වාහන 75ක් ගෙන්වා ඇත්තේ එකම ආයතනයක් විසින් බවද මේවන විට හෙළිව තිබේ.
මෙසේ ගෙන්වූ මෝටර් රථ අතර BMW 22ක්, මර්සිඩීස් බෙන්ස් 13ක්, පොශේ 05ක්, ෆෝඩ් මස්ටෑංග් 06ක්, අවුඩි 04ක්, ටෙස්ලා 04ක්, පර්ජෝ 08ක්, වෝක්ස් වැගන් 22ක් හා නිසාන් වාහන 10ක් ඇති බවද පැසේ.
විදසේගත ශ්‍රමිකයන්ට මේ අවස්ථාව ලබාදෙනු ලැබුවේ පිළිගත් බැංකු මාර්ග හරහා සෘජු විදේශ ප්‍රේෂණ රට තුළට ආකර්ෂණය කර ගැනීම සඳහාය.
මූලාශ්‍රය – ද සන්ඩේ ටයිම්ස්
සබැඳි පුවත්
දහම් අත්අඩංගුවට ගන්න එපා – අධිකරණයෙන් නියෝගයක්
විදෙස්ගත ශ්‍රමිකයන්ගේ විදුලි කාර් ගෙන්වීමේ කෝටාවටත් බැටේ දීලා