Connect with us

පුවත්

රටෙන් බාගයක් CRIB එකේ; බංකොල‌ොත් බවින් මිදීම හීනයක්

Published

on

මෙරට පුද්ගලයන්ගෙන් හරි අඩකටත් වැඩි පිරිසකට පිළිගත් මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමට නොහැකි වන පරිදි ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ්) ලේඛනගත වී ඇති බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා මාධ්‍ය වතෙ දැනුම් දී තිබේ.

දකුණු ආසියානු කලාපයේ සෙසු රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලාංකිකයන්ගේ ණය කළමනාකරණය පිළිබඳ දැනුම ඉතා අවම මට්ටමක පැවතීම මීට හේතුව බව ද ජයසුන්දර මහතා සඳහන් කරයි.

බොහොමයක් පුද්ගලයන් සිය ණය හා ලීසිං වාරික නිසි පරිදි ගෙවා ඇතත් ඇතැම් මූල්‍ය සමාගම් එම තොරතුරු නිසි පරිදි යාවත්කාලීන නොකිරීම ද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ද ඒ මහතා පෙන්වාදෙයි.

මෙම තත්ත්වය නිවැරදි කිරීමේ අරමුණින් ණය කළමනාකරණය පිළිබඳ මෙරට ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය මේ වනවිට පියවර රැසක් ගෙන ඇත. 

ඒ යටතේ ඕනෑම පුද්ගලයකුට මූල්‍ය සමාගමකට නොගොස් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ http://www.crib.lk වෙබ් අඩවිය ඔස්සේ සිය ණය තොරතුරු වාර්තාව ලබා ගැනීමේ පහසුකම් සපයා ඇතැයි ද සාමාන්‍යාධිකාරිවරයා කීවේය.

මේ අතර, ආර්ථික විශ‌ේෂඥයින් පෙන්වා දෙන්නේ CRIB එක ණය හා බැංකු පද්ධතියේ ආරක්ෂාවේ මෙවලමක් වුවද, ඉන් මෙරටට ආර්ථික බංකොලොත් බවින් මිදීමට විශාල අභියෝගයක් එල්ල කර ඇති බවයි.

විශේෂයෙන්  ලංකාවේ අවිධිමත් ගනුදෙනු වර්ධනයට CRIB තොරතුරු බලපා ඇති බවයි.

ඒ CRIB එකේ තොරතුරු අඩංගු අයකුට බැංකු පද්ධතියෙන් ණය ගැනීමට නොහැකියාව හේතුවෙන් ඔවුන් විකල්ප ආයෝජන ලබා ගැනීමට ගොස් අවසානයේ ව්‍යාපාර පවා විනාශකර ගන්නා බවයි.

එය සියදිවි නසා ගැනීම් වැඩි කිරීමට ද හේතු සපයන බව ඔවුන් පෙන්වා දෙයි. 

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved