Connect with us

පුවත්

රටේ පුරවැසියන් තවදුරටත් රවට්ටන්න බැහැ

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද “ජාතික ජන බලවේගයේ කාන්තාවෝ”  මාධ්‍ය හමුව  අද (08) පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසූවේ අද රටේ පුරවැසියන් තවදුරටත් රැවටිය නොහැකි නවය

“මේ රටේ සිදුවුණු විශාල ජනතා පිබිදීමකින් පසුව, 2023 පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව පළා යාමෙන් පසුව, සැප්තැම්බර් 21 වැනි දින ජනාධිපතිවරණයට අපි මුහුණ දෙනවා. මේ ජනාධිපතිවරණය සුවිශේෂී ඓතිහාසික එකක් වන බව අපට විශ්වාසයි. අපි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා. එයින් පුරවැසියන්ගේ අපේක්ෂාව වී තිබෙන පුනරුද යුගයකට රට ගෙනයාමේ අවස්ථාව උදාවී තිබෙනවා. අරගලය තුළත් ඉදිරියෙන්ම සිටි ගැහැනු විශේෂ කාර්යභාරයක් ඉටුකළා. ඒ වගේම මාලිමාව වටා එක්කවුණු ගැහැනුන් “ගැහැනු අපි එක මිටට” කියන තේමා පාඨයෙන් විශාල දේශපාලනික සංවිධානය වීමක් සහ පිබිදීමක් ඇති වී තිබෙනවා. ඔවුන් නායකත්වය ගැනීම සඳහා පෙරට එමින් සිටිනවා. සැප්තැම්බර් 21 ඓතිහාසික තීන්දුවත් සමග මේ රටේ ගැහැනුන් අපේ සහෝදරියන් සංවිධානය කරමින් නායකත්වය ලබාදීම නිසා මහන්සි වී කැපවීමෙන් කටයුතු කර, ගැහැනු අපි නායකත්වය ගැනීමට බිය නැති පාලනයක් බිහිකර ගන්නා බව විශ්වාසයි. සහෝදරියන්, ගැහැනුන් තමන්ට අවශ්‍ය නායකත්වය ලබාගනිමින් ඉදිරි දින කිහිපය තුළ විශාල කාර්යභාරයක් සිදුකරන බව විශ්වාසයි.

මාලිමාවේ ගැහැනුන්ගේ ජාතික සමුළුව අගෝස්තු 25 වැනිදා කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඒ පිළිබඳ විස්තර ඉදිරියේදී ලබාදෙනවා. මේ රටේ ගැහැනු බලය, අනුර සහෝදරයා සමග එකට සිටගන්නා බව අපට විශ්වාසයි. විශාල වශයෙන් මුදල් වියදම් කරමින් බොරු කියමින් ආණ්ඩුව සහ ඒ හා සමාන අනෙකුත් පක්ෂ තමන්ගේ බංකොලොත්භාවය ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඔවුන් මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ ප්‍රධාන කරුණු කිහිපයක් ජනගත කරන්න සැලසුම් කර තිබෙනවා. මේ රට අර්බුදවලින් බේරා ගන්න ඉදිරිපත් වූ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ බව නිතරම පවසනවා. මේක එක බොරුවක්. රාජපක්ෂ පවුලත් පොදු ජන එක්සත් පෙරමුණත් බේරා ගන්න රනිල් වික්‍රමසිංහ අගමැති බවට පත් කළ පසුව ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීමෙන් හිස්වූ ජනාධිපති ධුරයට පොහොට්ටු මන්ත්‍රීවරු විසින් රනිල් වික්‍රමසිංහව පත්කර ගත්තා. මේ රනිල් වික්‍රමසිංහ ගෙනයන බොරු ප්‍රචාරයේ දෙවන කාරණය, ස්ථාවර කළ රට ඉදිරියට ගෙනයාම සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කිසිවෙක් නැති බව ප්‍රකාශ කිරීමයි. පෝලිම් යුගය අවසන් කිරීමෙන් රට ස්ථාවර බව ඔවුන් කියනවා. නමුත් මේ ලෙස ප්‍රකාශ කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර කියන මූලික අවශ්‍යතා තුන හෝ සපයා ගන්න නොහැකි වී ජන ජීවිත කඩා වැටී තිබියෙදීයි. ජන ජීවිත කප්පාදු කරගෙන තිබෙන තත්වය පිළිබඳව අසංවේදී රනිල් වික්‍රමසිංහලා ජනතාව මුලාකරන්න විවිධ දත්ත ඉදිරිපත් කරනවා.

මෑතකදී පටන් ගත් තුන්වැනි බොරු ප්‍රචාරය “හොරු ආරක්ෂා කළේ නැහැ” කියන එක. මේ තරම් කුරිරු, විහිළු කතාවක් කිසිම තැනකදී මම අහලා නැහැ. මොහුගේ දේශපාලන ජීවිතය පුරාම සිදුකර තිබෙන්නේ ඔහුගේ යහළුවන් සහ හිතවත් අය ආරක්ෂා කිරිම වෙනුවෙන් බලය යෙදවීමයි. ඔහු පාතාල නායකයන් පවා ආරක්ෂා කර තිබෙනවා. බැංකු හොරුන් ආරක්ෂා කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායක, ආරක්ෂා කරන්න ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ අද කියන්නේ හොරු ආරක්ෂා කළේ නැහැ කියලා. එහෙම නම් 2015 යහපාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූ වංචනිකයන්, දූෂිතයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිම වැළැක්වීමට මැදිහත් වුණේ කවුද කියලා අපි අහනවා. නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදීමෙන් හොරුන්, දූෂිතයන් පමණක් නොවෙයි, අපරාධකරුවන් ආරක්ෂා කරන්නත් ක්‍රියාකර තිබෙනවා. අද රටේ ඉන්නේ තවදුරටත් රැවටෙන්නේ නැති පුරවැසියන්. පරණ පුරුදු ඩීල් දේශපාලනයෙන්, බොරු කියන, රවට්ටන පොරොන්දු දේශපාලනය තුළින් මේ පාලක පැළැන්තියට තවදුරටත් පවතින්න විදිහක් නැහැ. ජනතාවාදී නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩි වැඩියෙන කැපවෙමු කියලා මම ආරාධනා කරනවා. “

මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමන්මලී ගුණසිංහ හා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සරෝජා සාවිත්‍රි පෝල්රාජ් යන මහත්මීන් ද එක්ව සිටියහ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved