Connect with us

පුවත්

රට පුරා දරුවන් 30,000ක් මහමඟ

Published

on

අවසාන වරට සිදු කරන ලද සමාජ සමීක්ෂණවලට අනුව ලංකා පුරා විදි දරුවන් 15000-30000 අතර ප්‍රමාණයක් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

මොවුන් අතරින් තුනෙන් එකකට මව හෝ පියා අහිමි බව ඔහු පෙන්වා දෙයි.

තවත් සැලකිය යුතු ප්‍රමාණයක් වැඩිහිටියන්ගේ රැකවරණයෙන් තොරව වීදි වල සැරිසරන බවත් විශේෂඥ වෛද්‍යවරයා අනාවරණය කරගෙන තිබේ.

මෙම දරුවන් සිඟාකෑම, ළමා ගණිකාවන් ලෙස යොදා ගැනීම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතාව සහ ප්‍රවාහනයට යොදා ගැනීම වැනි කරුණු වලට ගොදුරුවන බවද හෙතෙම අනාවරණය කරගෙන තිබුණි.

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලත් ආගමික සිද්ධස්ථාන ආශ්‍රිතවද වීදි දරුවන් සැලකිය යුතු වශයෙන් දැකිය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මන්ද පෝෂණය, ශ්වසන රෝග, සම ආශ්‍රිත රෝග, ලිංගාශ්‍රිත රෝගාදියට මොවුන් ගොදුරු වීම පහසුවෙන් සිදුවන බව ඔහු සඳහන් කරයි.

එමෙන්ම දුප්පත්කම නිසා හෝ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න නිසා නොසලකා හරින ලද සමාජ කොට්ඨාස ගැන ද සමාජය අවධානය යොමු විය යුතු බවත් එසේ නොවන්නේ නම් ඔවුන් තුළද විවිධ සමාජ ආර්ථික ප්‍රශ්න මත සෞඛ්‍ය ගැටළු රැසක් නිර්මාණය විය හැකි බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

වතු ආශ්‍රිතවත් ඇතැම් ආගමික කොට්ඨාස තුළත් ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශ තුළත් තට්ටු නිවාස ආශ්‍රිතවත් මෙවන් නොසලකා හරින ලද කණ්ඩායම් සිටින බැවින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා ප්‍රතිපත්ති සකස් විය යුතු බව ඔහු අවධාරණය කරයි.

පුවත්

දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද සිට Online ක්‍රම­යට

Published

on

By

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත

Continue Reading

පුවත්

වැසි වාර කිහිපයක්

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Continue Reading

පුවත්

මෙරට සූකර වෛරසය රුසියානු එකට සමානයි; උණ නිසා ඌරන් හැටහත්දාහක් මිය ගිහින්

Published

on

By

සූකර වයිරසයෙන් මියගිය මෙරට ඌරන්ගේ සාම්පල කීපයක් ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පාලනය යටතේ ඇති කැනඩාවේ විද්‍යාගාරයකට යවා කරන ලද පරීක්ෂණයකදී අනාවරණය වූයේ සාම්පලවලින් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් රුසියානු කලාපයේ පැතිරුණු වයිරසයට සමාන බව යැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය කියයි.

සූකර උණ රෝගයෙන් පසුබෑමට ලක්වූ සූකර කර්මාන්තයේ ඉදිරි සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව කියා සිටියාය.

මෙරට සූකර ගොවිපොළ 2,500 ක පමණ මෙම අප්‍රිකානු සූකර වයිරසය ව්‍යාප්තවීම නිසා මෙරට ගොවිපොළවල සිටි ඌරන් 67,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇතැයි අනාවරණයවී ඇත.

මෙරටට සත්වයකු හෝ මාංශයක් ගෙන එන්නේ නම් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පූර්ණ නිෂ්කාශන බලපත්‍රයක් ලබාගත යුතු බවත්, එලෙස බලපත්‍රයක් රහිතව ගෙන්වූ අවස්ථාද රේගුවේදී වාර්තා වන බවද ඇය පැවසුවාය.

එමෙන්ම, මෙරටට එන ගුවන් යානා සහ වරායට එන නැව්වල ඉඳුල් කොටස් බැහැර කරනු ලබන්නේ අදාළ රටට බවත්,මෙම ඉඳුල් සූකර ගොවිපොළවලට රැගෙන යන බවත්, එම ඉඳුල් නිරෝධායනයට ලක් නොවන බවද ඇය කීවාය. මේ නිසා සූකර උණ සහිත රටක ඉඳුල් ඔස්සේද මෙම රෝගය ව්‍යාප්ත වියහැකි බවද ඇය පැවසුවාය.

මෙම ඉඳුල් අධික උෂ්ණත්වයකින් රත් කිරීමේදී අදාළ වයිරසය මියයන බවද ඇය කීවාය.

මෙම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත් සංවර්ධන) ආචාර්ය පාලිකා ප්‍රනාන්දු කියා සිටියේ සූකර ගොවිපොළවලින් 251 ක් මේ වනවිට ආරම්භ කර තිබෙන නමුත්, තවමත් අවිධිමත් ලෙස පවත්වාගෙන යන ගොවිපොළවලින් සතුන් මියයෑම් වාර්තා වන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved