Connect with us

පුවත්

රට යවන තේවලිනුත් රුපියල් 3ක් රජයට ගන්න තීන්දු කරලා!

Published

on

තේ කිලෝග්‍රෑමයක් අපනයනය කිරීම සඳහා රුපියල් තුනක බලපත්‍ර ගාස්තුවක් අයකිරීමට රජය තීරණය කර තිබේ.

ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙන්නේ තේ කොමසාරිස්වරයා රේගු නිර්යාත ප්‍රකාශනය අනුමත කරනු ලබන අවස්ථාවේ දී මෙම බලපත්‍ර ගාස්තුව ගෙවිය යුතු බවයි.

2023 තේ අපනයන බදු සහ පාලන නියෝග ලෙස මෙම බලපත්‍ර ගාස්තුව පනවා ඇති අතර සෑම ලියාපදිංචි තේ අපනයනකරුවෙකු විසින්ම අදාළ ගාස්තු ගෙවීම සිදුකළ යුතු වේ.

අපනයන ඇනවුම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවහොත් මෙම බලපත්‍ර ගාස්තුව යළි ලබාගැනීමේ අවස්ථාව ද  අපනයනකරුවන්ට හිමි වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

තවද තේ අපනයනයේ දී අය කරනු ලබන මෙම බලපත්‍ර ගාස්තුව තේ මණ්ඩල පනත යටතේ පිහිටුවා ඇති ප්‍රාග්ධන අරමුදල වෙත බැර කිරීම සිදුකළ යුතුය.

පුවත්

නවතා තිබු වාහන 03ක් ගිනි ගනී

Published

on

By

පාදුක්ක – මාහිංගල ප්‍රදේශයේ නිවසක නවතා තිබූ වාහන 03ක් ගිනි ගෙන විනාශ වී තිබේ.

වෑන් රථයක් කැබ් රථයක් සහ ත්‍රීරෝද රථයක් එලෙස හදිසි ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ගිනි ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවත්, ඒ වන විටත් එම වාහන තුනම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව‍ත් පොලීසිය පවසයි.

ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

පළමුවෙන් ත්‍රීරෝද රථයට ගිනි ඇවිලි ඇති බවත් අනතුරුව අනෙක් වාහනත් ගින්නෙන් විනාශ වී ඇති බවත් සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

වසන්ත අත්අඩංගුවට! (වීඩියෝ)

Published

on

By

රුපියල් මිලියන 36ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායකයින් වන මහින්ද ජයසිංහ, වසන්ත සමරසිංහ සහ අමාලි කළුපහන ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය නියෝග කර ඇති බවට වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය ව‍ෙත අදහස් දක්වා තිබේ.

ඔහු කියා සිටින්නේ අධිකරණය විසින් එවැනි තීන්දුවක් ලබා දී නොමැති බවයි.

Continue Reading

පුවත්

සජිත්, නාමල් සහ අරියනේත්‍රන් අද ජනපති අපේක්ෂක විවාදයට

Published

on

By

‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න අද (07) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, අද (07) පස්වරු 3.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ය.

‘රට ගොඩගන්නේ කෙසේද?’ යන මාතෘකාව යටතේ එම විවාදය පැවැත්වෙන අතර අද (07) පැවැත්වෙන විවාදය සඳහා සහභාගි වන්නේ සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන ජනාධිපති ධූර අපේක්ෂකයින්ය.

ඊට සහභාගි වන ජනාධිපති අපේක්ෂකයින්ට ප්‍රශ්න 06 ක් යොමුකරන බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

ඒ අනුව අද ප.ව. 3.00 සිට 5.00 දක්වා සියළුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කිරීමට නියමිතයි.

විවාදයේ දෙවන සහ තෙවන අදියර සඳහා අපේක්ෂකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර එම විවාදයන් 8 වැනිදා සහ 9 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved