Connect with us

පුවත්

රට සවාරි ගැන අසමින් අනුර කුමාර, ජනපතිව පතුරු ගහයි (වීඩියෝ)

Published

on

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි 130ක් වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.

එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා අතිරේක වියදම් ලෙස කෝටි විස්සක් විදේශ සංචාර ඉන්ධන සහ වාහන  නඩත්තුව සඳහා  වෙන්කර ඇති බවද  ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පළමුවෙන්ම මූල්‍ය විනය රැකිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තමා දන්නා අන්දමට එංගලන්තයට හතර පාරක්ද ජපානයට දෙපාරක් ඔහු ගොස් ඇතැයි සඳහන් කළේය.

දැන් ඔහු දින දොළහක දීර්ඝම සංචාරයට සූදානම් වන බවද දිසානායක මහතා  කීවේය.

පාසල් දරුවන්ගේ ආහාර වේල් සඳහා නිල ඇඳුම සඳහා මුදල් තවම දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට මේ මුදල වෙන්කර ඇත්තේ අයවැයෙන් වෙන් කළ මුදලට අමතර වශයෙන් බවද ප්‍රකාශ කළේය.

මෙතුමා නඩත්තු කළ යුතු කෙනෙක් දැයි ඔහු ප්‍රශ්න කළේය.

හාල් ටිකට කිරි වීදුරුවට වැට් ගහලා එකතු කරගන්න මුදල ජනාධිපතිවරයා රට සවාරි යෑමට යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට එනකොට ගිලන් රථයක් පසුපස එන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමේ සිට පාර්ලිමේන්තුවට එද්දී ගිලන් රථයක් පසුපසින් එන බවද සමහර රෝහල්වලට ගිලන් රථ නැති බවද ප්‍රකාශ කළේය.

මේවා ලෙඩ කදන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මේවා මහජනතාවගේ ධනය බවත් බදු මුදල්වලට වෙනදේ පාරේ ජනතාව දකින ව්‍යාපාරිකයන් දකින බවද  අනුර කුමාර දිසානායක මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ගෙදරක සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා පුතත් ආණ්ඩුවේ ගෙදරක තාත්තත් ආණ්ඩුවේ ගෙදරක බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක පොඩි බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක යයිද ඔහු කීවේය.

මේ ගැන ලැජ්ජා විය යුතු බවද මන්ත්‍රීවරයා  කීවේය.

සමහරු ඇවිදින්න බැරුව ඉඳිද්දී රෑට රෑට වරායේ  නිරීක්ෂණ චාරිකා යන බව පැවසු  දිසානායක මහතා රෑට යන නිරීක්ෂණ චාරිකා මොනවාදැයි තමා දන්නා බවද සඳහන් කළේය.

(ලංකාදීප)

(වීඩියෝ : voicetube)

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved