Connect with us

පුවත්

රට හාල් නිෂ්කාශන කටයුතු අද සිට

Published

on


නතර වී තිබු ආනයනික සහල් නිෂ්කාශන කටයුතු අද (26) සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ඒ අනුව සහල් මෙරටට ආනයනය කළ ව්‍යාපාරිකයින්ට අද පෙරවරුවේ සිට සිය සහල් නිශ්කාශනය කරගැනීමේ කටයුතු හැකිවන බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සිවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය.

රට තුළ පවතින සහල් ගැටලුවට පිළියමක් වශයෙන් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයින්ට සෘජුවම සහල් ආනයනය කිරීම සඳහා දෙසැම්බර් මස 4වන දින සිට  20 වන දින දක්වා අවසර ලබා දි තිබු අතර එම කාළය තුළ සහල් මෙට්‍රික් ටොන් 67,000ක් ආනයනය කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදි සහල් ආනයනය කිරීම සඳහා ලබා දී තිබු කාලය ජනවාරි මස 10 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 24 වන දින නිකුත් කරන ලදී.

ඒ අනුව ‍මෙරටට ආනයනය කරන ලද සහල් යළිත් අද දිනයේ සිට නිශ්කාශනය කිරීමේ කටයුතු සිදුකරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

මේ අතර කෘෂීකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා රජය ආනයනය කළ මෙට්‍රික් ටොන් 780ක පළමු සහල් තොගය ඊයේ රාත්‍රී කොළඹ වරාය වෙත ළඟාවීමට නියමිතව තිබු බවය.

එම සහල් තොගය කඩිනමින් වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය..

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-07-02

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, July 1, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved