දේශීය හා විදේශීය ලොකු ලූනු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි.
දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 ක් දක්වාද, ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල 370ක් දක්වාද ඉහළ ගොස් තිබේ.
තොග මිල ඉහළ යාම නිසා ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී ඇත.
ඉන්දියාව, පකිස්ථානය, ඕලන්දය තූත්තුකුඩි, ඉරානය ඇතුළු රටවල් කිහිපයකින් ලොකු ලූනු ආනයනය කිරීම සීමා කිරීමත් සමග මෙරට ලොකු ලූනු මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ව්‍යාපාරිකයන් පසුගිය දිනවලදී දේශීය ලොකු ලූනු තොග අඩු මිලකට මිලදී ගත් අතර, ඔවුන් ඒවා ගබඩා තුළ සඟවාගෙන මේ දිනවල වැඩි මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව ආර්ථික මධ්‍යස්ථාන ආරංචිමාර්ග කියයි.
මේ අතර, සහල් ව්‍යාපාරිකයන් සීමාව ඉක්මවා යාම නිසා රජය සහල් ආනයනය කිරීමට තීරණය කළ බව ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් කරුණාරත්න මහතා මාධ්‍යට පවසා තිබේ.
ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ පවසා ඇත.
“සහල් පිටරටින් ආනයනය නොකර ප්‍රශ්නය බේර ගන්නයි බැලුවේ. අපි සහල් ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා වට කීපයක්ම පැවැත්වූවා. නමුත්, සීමාව ඉක්මවා යාම නිසා සහල් ආනයනය කිරීමට තීරණය කළා”
නාමල් කරුණාරත්න මහතා පසුගිය කාලයේ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කළේය.