පුවත්

රන්ජන්ගේ මයික් සමුළුවෙන් පසු උණුසුම් තත්ත්වයක්!

Published

on

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසළ ඊයේ (26) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර පොලිසිය මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමට සමත් විය.

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙහි මංගල සමුළුවට සහභාගී වූ පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බව පොලිසිය කියා සිටියේය.

එම සමුළුව අවස්න්වීමෙන් පසුව ප්‍රවාහන බස් රථ සඳහා මුදල් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් රැස්වීම සඳහා පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ප්‍රවාහන පහසුකම් නොමැතිව පීඩාවට පත්ව ඇතැයි පැවසේ.

 පොලිසිය පසුව  අදාළ සිසුන් පිරිස ගමනාන්ත වෙත යොමු කිරීම සඳහා පොලිසිය මැදිහත්ව අවශ්‍ය පියවර ගෙන තිබිණි.

Trending

Exit mobile version