Connect with us

පුවත්

රන්ජන්ගේ සමුළුවට දෙදාහට ගෙන්නා කට්ටිය; සරසවි සිසුන් නෙවෙයි – රවී කුමදේශ් (වීඩියෝ)

Published

on

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පෙරේදා (26) පැවති ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ මංගල මහා සමුළුවෙන් පසුව ඇති වූ උණුසුම් තත්ත්වය පිළිබද ඊයේ (27) එම පක්ෂය විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඒ ඊයේ (27) ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍යය හමුවකදීයි.

වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් මහතා කියා සිටියේ අදාළ පිරිස විශ්ව විද්‍යාලය ශිෂ්‍යයින් බව පැවසුවද, ඔවුන්ගේ හැසිරීමේ හෝ ඔවුන් සිසුන් බවට නොපෙණුනු බවයි.

ඒ අනුව කුමුදේශ් මහතා එහිදී ඉල්ලා සිටියේ “අපිට මඩ ගැහුවත් කමක් නෑ.., විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට මඩ ගහන්න එපා..” යන්නැයි.

හරි හෝ වැරදි හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සෑමදාම සිය දේශපාලන මතය දිවි හිමියෙන් රැකගත් බවද ඒ මහතා පෙන්වා දුන්නා.

එමෙන්ම පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩෙහි මෙරට දේශපාලනය තුළ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයට වැඩ කිරීමට ඉඩ දෙන්නැයි ද ඔහු එහිදී ඉල්ලීමක් කළා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පළකල රවී කුමුදේශ් මහතා,

“මේක අපේ මංගල මහා සමුළුවෙන් එළියේ තිබ්බ වැඩක්.. ඒක සංවිධානය කරලත් තිබ්බේ අපි නෙවෙයි.. ඒ වැඩසටහන අපේ පක්ෂයට තියෙන බය වැඩි වෙච්ච අය සංවිධානාත්මකව කරපු දෙයක් කියලා තමයි පේන්න තියෙන්නේ.. සමුළුව ආවරණය කරන්න ආපු කිසිදු මාධ්‍යවේදියෙක් එතන ඉන්න විදිහක් නෑ.. ඔය චෝදනා කරන අය අපේ සමුළුවට ආවෙත් නෑ.. මේ සිදුවීම අපේ පරිශ්‍රය තුළ සිදු වුණෙත් නෑ.. කවුරුහරි මේක සැළසුම් කරලා, පිටපතකට අනුව රඟපාන පිරිසක් දාලා, ඔවුන් විසින්ම මාධ්‍යයට නිරාවරණය කරපු වැඩක්.. අපි දන්නෑ එහෙම සැලසුම් සහගත විදිහට අපිට මඩ ගහන්න තරම් ඇයි සමහර අය බයවෙලා ඉන්නේ කියලා.. එතන හිටියේ විශ්ව විද්‍යාලය ශිෂ්‍යයෝ කිව්වට, ඒ අයගේ හැසිරීමේ පවා එහෙම එකක් තිබුණේ නෑ.. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් රුපියල් 1000කට 2000කට මිලදී ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නෙත් නෑ.. මේ කවුරු සල්ලිවලට ගත්තත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ දේශපාලන මතය එහෙම මිලදීගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා.. ඒ නිසා මේ නිගරුව කරන්නේ අපිට වඩා ඔවුන්ට.. අපිට ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ඇතුලේ මේ රටේ දේශපාලන පක්ෂයක් විදියට වැඩ කරන්න ඉඩ දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.. මේ ඡන්ද ව්‍යාපාරයත් එක්ක මාධ්‍ය අතර සීතල යුද්ධයක් තියෙනවා.. ඒකෙ කොටස්කාරයෙක් වෙන්න දේශපාලන පක්ෂයක් විදිහට අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ..”

පාර්ට් ටයිම් ජොබ් එකකට කියල අපිව ගෙනාවේ – සරසවි සිසුන්

මේ අතර, අදාළ සිද්ධිය වූ අවස්ථාවේ එහි සිටි සරසවි සිසුන් කියා සිටියේ 5000 ක පමණ සරසවි සිදුන් පිරිසක් ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පක්ෂයේ මංගල රැලියට පැමිණි බවත්, ඔවුන්ගෙන් 200 වැඩි පිරිසකට එම පක්ෂය පොරොන්දු වූ රුපියල් 2000 දීමනාව නොදීම නිසා මේ උණුසුම්කාරී තත්ත්වය ඇතිවුණ බවයි.

ඔවුන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ අදාළ සමුළුව හා සම්බන්ධීකරණය කළ පුද්ගලයා ඔවුන්ව එහි ගෙන්නුවේ පාර්ට් ටයිම් ජොබ් එකක් ලබාදෙන බව පවසමින් යැයිද හෙළි කළේය.

මූලාශ්‍ර – මොණරා, නිවුස්ෆස්ට්

පුවත්

ජ’පුර දොස්තර දියණිය අල්ලස් කොමිසමේ 2ක් බයකරලා පොලිසිය අල්ලන්න සොයයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය  මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි.

අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

පර්පෙචුවල් ට්‍රෙෂරීස්හි ව්‍යාපාර කටයුතු තවත් මාස 6කට දික්කරයි!

Published

on

By

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගත් බවය.

ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රථමික අලෙවිකරුවෙකු වශයෙන් සිදුකරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (05) සිට  තවත් මාස 6කින් දිර්ඝ කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

Continue Reading

පුවත්

අර්ජුන සතු “කැප්ටන් කූල්” නම දෝනිට ලියා ගැනීමේ උත්සාහයක!

Published

on

By

1990 දශකයේ දී හිටපු ප්‍රකට ක්‍රීඩා විචාරකයකු වූ බ්‍රිතාන්‍ය ජාතික ටෝනි ග්‍රේග් විසින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග හැඳින්වීමට භාවිත කරන ලද “කැප්ටන් කූල්”‍ යන හැඳින්වීම වෙළෙඳ සන්නාමයක් ලෙස තමන් වෙනුවෙන් ලියාපදිංචි කිරීමට හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයකු වන මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දියාවේ වෙළෙඳ ලකුණු පාලක ජනරාල් කාර්යාලය වෙත අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

මේ බව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය විශේෂ වාර්තාවක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 

අර්ජුනට පසුව තමන්ද මෙම නාමයෙන් හැඳින්වීම නිසා ඔහු මේ ඉල්ලීම කර ඇතැයි පැවසේ.

2025 ජූනි මස 16 වැනි දින දෝනි විසින් කරන ලද මේ ඉල්ලීම ඉන්දියාවේ වාණිජ සහ කර්මාන්ත අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 

මෙකී සන්නාමය යටතේ ක්‍රීඩා පුහුණු පහසුකම් සැපයීමට අදාළ සේවා සැපයුම අපේක්ෂා කරන බව දෝනිගේ අයැදුම්පත්‍රයේ‍ සඳහන්ය. 

එහෙත් මේ සම්බන්ධයෙන් දින එකසිය විස්සක් තුළ විරෝධතා ඉදිරිපත් කළ හැකි බව ද එම අමාත්‍යංශය කියයි.

මේ පිළිබඳව බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය සමඟ සාකච්ඡා කළ ක්‍රිකට් විචාරකයන් කිහිප දෙනකු ප්‍රකාශ කර ඇත්තේ අර්ජුන රණතුංගට අයත් වෙළෙඳ සන්නාමය ලබා ගැනීමට ඉන්දියාවේ හිටපු ක්‍රිකට් නායකයා විසින් කරන ලද ඉල්ලීම පිළිගත නොහැකි බවයි. 

එය වරදක් බවත් ඔවුන් සඳහන් කර ඇත. 

ඇතැමකු සඳහන් කර තිබුණේ අර්ජුන රණතුංගට මෙම හැඳින්වීම ලබා දී තිබුණද ඔහු ඊට අයිතිවාසිකම් කීමට ඉදිරිපත් නොවීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවය.

දැනට 44 වැනි වියේ පසුවන මහේන්ද්‍ර සිං දෝණිට පසුගිය දා ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය “හෝල් ඔෆ් ෆේම්ස්”‍ යන ගෞරව නාමය ද පුද කරනු ලැබූ බව මේ සම්බන්ධයෙන් පළ කළ බ්‍රිතාන්‍ය ගුවන්විදුලි වාර්තාවේ දැක්වෙයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved