හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (09) තම අලුත් පක්ෂය යයි හඳුන්වාදුන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ (United Democratic Voice) පක්ෂය මීට පෙර හඳුන්වනු ලැබුවේ එක්සත් කොංග්‍රස් පක්ෂය ලෙස යැයි සමාජ ක්‍රියාකාරියකු වන ඕෂල හේරත් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හෙළිකර තිබේ.
එහි ව්‍යවස්ථාව ඇත්තේ දෙමළ බසින් බවත් පවසන ඔහු ඔටුවා ලාංඡනයෙන් මීට පෙර මෙය පැවැති බවද කියා සිටී.
එසේම කුප්‍රකට ලයිකා මොබයිල් සමාගම මෙහි මුදල් ආයෝජකයා බවද ඔහු සඳහන් කරයි.
මේ අතර, මැතිවරණ කොමිසමේ පිලිගත් දේශපාලන පක්ෂ තොරතුරු ඇතුළත් පිටුවෙහි ඇතුළත් නිලධාරී මණ්ඩලයේ ලේකම් ලෙස නම ඇතුළත්ව ඇත්තේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ හිමිකාර සමාගම ලෙස කටයුතු කරනු ලබන බෙන් හෝල්ඩිංග්ස් සමාගමේ (Ben Holdings Pvt) සමූහ අධ්‍යක්ෂ ගෝවින්දසාමි ජයසීලන් මහතාගේය.
ජයසීපන් මහතාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය නිෂ්කාශන සහතිකයක් ලබාදීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයෙක් බවද මේ අතර වාර්තා වේ.