Connect with us

පුවත්

රනිල්ගෙන් ජනපති අනුර ට ප්‍රශංසා

Published

on

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඊයේ (16) නවදිල්ලියේ දී නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින්, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සමඟින් ඉදිරියටයාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ප්‍රශංසා කරන බවය.

පුවත්

දෙහිවල වෙඩි තැබීමක්

Published

on

By

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ.

පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.

Continue Reading

පුවත්

මිලාන් ජයතිලක අත්අඩංගුවට

Published

on

By

පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩමක පිඹුරුපතක් අනුමත කිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading

පුවත්

මහින්දානන්ද රිමාන්ඩ් (UPDATE)

Published

on

By

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


(පෙර පුවත 2025 මැයි 19 පෙ.ව.11.28 )

හිටපු අමාත්‍ය මහින්දානන්ද අධිකරණයට පැමිණේ

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130ක පාඩුවක් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ අලුත්කඩේ අධිකරණයට පැමිණියේය.

අල්ලස් කොමිසම මගින් ඔහුට එරෙහිව චෝදනා නගා ඇත.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved