Connect with us

පුවත්

රනිල්ගේ ගේ ගිනිතැබූ හිටපු ඇමති නියෝමාල්ගේ පුතා ලංකාවට එන්න හදයි!

Published

on

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් අනතුරුව රටින් පලා ගිය බව කියන සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතාගේ පුත්‍රයාට මෙරටට පැමිණීමට අවසර දෙන්නැයි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඊයේ (02) ඉදිරිපත් කර තිබේ.

අරගලය පැවැති සමයේ දී 2022 ජූලි 09 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමෙන් පසු දින මෙරටින් පලාගොස් කැනඩාවේ රැඳී සිටි බව කියන ඇන්ඩෲ ඉවෝන් පෙරේරා නමැති සැකකරුට නැවත ලංකාවට පැමිණීමට අවසර දෙන්නැයි කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා එම ඉල්ලීම කොටුව මසේත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය වෙත ඉදිරිපත් කළේ ය.

හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියේ 05 වන සැකකරු වන ඇන්ඩෲ ඉවෝන් පෙරේරා නමැත්තාට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අධිකරණය මගින් මීට ඉහත දී පනවා තිබිණි.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා මෙසේ ද පැවැසීය.

මෙම සිද්ධියට අදාළ විමර්ශනවලදී වූ බලපෑම් හා නොමග යෑමක් මත මොහු සැකකරුවෙක් බවට පත්වෙලා තිබෙනවා. මෙම සැකකරු රටින් පැනලා ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවූ නිසා සැකකරුට නැවත රට තුළට එන්න බැහැ.

සැකකරු නඩුව සඳහා පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටියත් ඔහු ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා. ඔහු ලංකාවට ඒමට අවසර දුන්නොත් පැමිණි දිනට පසුදිනම අධිකරණය වෙත ඉදිරිපත් විය හැකියි. මෙම සැකකරු ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා ඔහුට මෙරටට එන්න අවසර දෙන ලෙස ඉල්ලා සිටිනවා.

සැකකරු වෙනුවෙන් කරන ලද එම ඉල්ලීමට විරෝධතාව පළකරන ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය. සැකකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයාට කරුණු දැක්වීම සඳහා අදාළ නඩුව මෙම මස 07 වැනිදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved