Connect with us

පුවත්

රනිල්ගේ ජය තහවුරු කරන්න රැස්වීම් මහ ගොඩක්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා දේශපාලන රැස්වීම් 150 කට ආසන්න සංඛ්‍යාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉන් 100ක් ප්‍රධාන රැස්වීම් වන අතර අනෙක් රැස්වීම් සහය දක්වන කණ්ඩායම් විසින් සිදුකිරීමට නියමිතව ඇත.

මෙම රැස්වීම් සඳහා හරීන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, වජිර අබේවර්ධන, රමේෂ් පතිරණ, මනූෂ නානායක්කාර ඇතුළු පිරිස් ප්‍රධාන කථිකයන් ලෙස නම් කර ඇත.

පුවත්

කොළඹ මන්ත්‍රී ධූර 19ට අපේක්ෂකයෝ 966ක්

Published

on

By

මෙවර මහ මැතිවරණයට වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ධුර 18ක් සඳහා අපේක්ෂකයන් 966 දෙනකු ඉදිරිපත්ව ඇත. 

ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් 567දෙනකු සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 399ක් වශයෙනි. 

කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 1,765,351ක් ලෙස දැක්වේ.

එසේම මන්ත්‍රී ධුර 19ක් වෙනුවෙන් අපේක්ෂකයන් 902ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්ව තිබේ. 

ඒ පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 528ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 374 ක් ලෙසිනි. 

ගම්පහ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව වන්නේ 1,881,129කි.

Continue Reading

පුවත්

මහනුවරට යවන්න තිබූ රට බීම හා සිගරට් තොගයක් අල්ලයි

Published

on

By

රුපියල් කෝටියකට ආසන්න වටිනා විදේශීය මත්පැන් සහ සිගරට් තොගයක් ප්‍රවාහනයට සූදානම් වූ පුද්ගලයෙකු පිටකොටුව 3 වන හරස් වීදිය කේශර් වීදිය ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි

සැකකරු භාරයේ තිබී විදේශිය මත්පැන් බෝතල් 210 ක් විදේශීය දුම්වැටි 50000 ක් මේ පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයකු විවිධ ප්‍රදේශවලින් එකතු කරන ලද මත්පැන් සහ දුම් වැටි තොගයක් මහනුවර ප්‍රදේශයට ප්‍රවාහනය කිරීම සඳහා  සූදානම්ව සිටින බවට පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාට ලද තොරතුරකට අනුව ගැටලීම සිදුකළ බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ දහය  පදිංචි 54 හැවිරිදි  පුද්ගලයෙකි

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.

(සිළුමිණ)

Continue Reading

පුවත්

මහ වැසි නිසා වත්තේගම – අකුරණ යටවේ

Published

on

By

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ (ඒ-09) අකුරණ නගරය සහ උකුවෙල මහනුවර මාර්ගය වත්තේගමින් ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇතිවී ඇති අතර, විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved