Connect with us

පුවත්

රනිල්ට සහය වුණත් එජාපයේ සරණ යන්නේ නැහැ

Published

on

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබා දෙන බව ප්‍රසන්න රණතුංග විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ.

ප්‍රසන්න රණතුංග මහතා එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයාට සහය ඔහු ලබා නොදෙන බවය.

තම පියාගෙන් පසුව තමාට සිටින පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ මහතා බවත්, අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ඔහුට ඇති ගෞරවය හා ආදරය එලෙසින්ම පවතින බවත් ප්‍රසන්න රණතුංග මහතා මෙම ලිපියේ සදහන් කර ඇත.

කෙසේවෙතත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවත පත් කිරීමෙන් මිස  පාක්ෂිකයන් රැක ගත හැකි වෙනත් විකල්පයක් මේ මොහොතේ පෙනෙන්නට නොමැති බැවින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

නමුත්, ඉන් ඔහු  පොහොට්ටුව අත්හැර යන බව හෝ එජාපය සරණ යන බව ගම්‍ය නොවන බවත් ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

පුවත්

පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්

Published

on

By

අයහපත් කාලගුණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි රථවාහන තද බදයක් ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව, මෙම මාර්ගයේ ගමන් කරන රථ වාහන හැකිතාක් දුරට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුවත් කර සිටී.

Continue Reading

පුවත්

අනුරගේ අභියෝගය රනිල් පිළිගනී

Published

on

By

ජාතික ජන බලවේගය ආර්ථිකය සම්බන්ධයෙන් එක් මතයකට පැමිණෙන්නේ නම් අනුර කුමාර දිසානායක විවාදකයක් සඳහා තමාට කළ අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බව, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.

වෘත්තිකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කලේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා ඇත්තේ ජාතික ජනබලවේගයේ ඉදිරි සැලසුම වී ඇත්තේ  අපනයන ආර්ථිකයක්ද, ආනයන ආර්ථිකයක්ද යන්න පළමුව දැනුම් දිය යුතු බවය.

එසේ දැනුම්දීමෙන් අනතුරුව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරතුමිය සමඟ සාකච්ඡාවකට එළඹිය හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

“මට මිත්‍රයා කියන්න එපා කිව්වා. ඔන්න දැන් ආනමඩුවේදී කියලා තියෙනවා විවාදයකට එන්න කියලා. මං කොහොමද විවාදයකට එන්නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කියන්න අපනයන ආර්ථිකයක් ද? ආනයන ආර්ථිකයක් ද? කියලා අපිට කියන්න. ඒක දැනුම් දුන්නාට පස්සේ එතුමයි මමයි IMF එකේ කළමනාකාරතුමියයි ඔක්කොම සාකච්ඡාවක් ඇති කරමු. ඕනේ නම් සජිත්ටත් එන්න කියමු.” යැයි ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේට.”

රනිල් වික්‍රමසිංහ යොමු කරන ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝග කරන බව අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (08) ජන රැලියක් අමතමින් සඳහන් කලේය.

Continue Reading

කලා

සේනක බට‍ගොඩ අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

ශ්‍රී ලාංකික සංගීත රසිකයින් අතර මහත් ආදරයක් දිනූ ගීත කිහිපයකම නිර්මාණකරු ලෙස ආදරය දිනා සිටින සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved