Connect with us

පුවත්

“රනිල්ට සිංදු කියන්නත් ගේන්න වෙන්නේ ඉන්දියාවෙන්; ඡන්දෙටත් ඉන්දියාවෙන් තමයි” (වීඩියෝ)

Published

on

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාප මැයි දින රැළියේ ගීත ගායනා කිරීමට ඉන්දියාවෙන් ගෙන්වන ලද ගායක ගායිකාවන් පස්දෙනාගේ කණ්ඩායම කටුනායක ගුවන් තොටුපලේදී සංචාරක මණ්ඩලයේ නිලධාරීන් විසින් පිළිගැනීම ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් විවේචනය කළේය.

රනිල්ගේ මැයි රැස්වීම සංචාරක මණ්ඩලයේ රැස්වීමක් දැයි ප්‍රශ්න කළ අනුර කුමාර මහතා, රනිල් සිංදු කියන්නත් ගේන්න වෙන්නේ ඉන්දියාවෙන්, ඡන්දෙටත් රනිල් වික්‍රමසිංහට ‍ගේන්න වෙන්නේ ඉන්දියාවෙන් යැයි ද ජාතික ජන බලවේගයේ මාතර වෙරළ උද්‍යානයේ පැවැති ජාතික ජන බලවේගයේ මැයි දිනය රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

විනයක් හා සංවිධාත්මක බලයක් නොවීම මේ තත්ත්වයට හේතුව බවද ඔහු කියා සිටියේය.

එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ බවත් නීතියක්, විනයක් සහිත සමාජය ජාතික ජන බලවේගය විසින් ගොඩනැගීම අපගේ වගකීමක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා කීය.

“මේ දූෂිතයන් යටතේ, මේ රට විනාශයට පත් කරන ලද අපරාධකරුවන් යටතේ, මේ රට හිඟන රාජ්‍යයක් බවට පත් කරන ලද පාලකයන් යටතේ, පවත්වනු ලබන අවසන් මැයි රැලිය තමයි ජාතික ජන බලවේගය අද (01) මේ පවත්වන්නේ යනුවෙන්ද ඔහු පැවසීය.

වැඩිදුරටත් අනුර කුමාර මහතා මෙසේ පැවසීය.

“මේ දූෂිතයන් යටතේ, මේ දූෂිත ප්‍රභූ තන්ත්‍රය යටතේ එක මැයි දිනයක් වත් මේ රටේ තව තියයිද? නැහැ. ඒ වගේම එළඹෙන මැයි දිනය පවත්වන්නේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ කියන එකත් අපි මතක් කරන්න කැමතියි.

අපි දන්නවා අද මෙතෙන්ට ලක්ෂයට වැඩි පිරිසක් එක්රැස් වෙලා මේ මැයි දිනය පවත්වනවා. කොළඹත් එහෙමයි. අනුරාධපුරයෙත් එහෙමයි. යාපනයේත් අද මැයි රැලියක් පැවැත්වූවා. මේ මැයි රැලිවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සහභාගීවෙලා ඉන්නවා. මේ ජනතාවගේ එක අරමුණක් තිබෙනවා, බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ මෙතනට ආවේ ඇයි.

මේ රට ඔහේ ඕපාපාතිකව ගලාගෙන යන රටක්. විනයක් නැති රටක්. අපරාධවලින් ගහන වෙච්ච රටක්. සංවිධානාත්මක මෙහෙයුමක් නැති ආණ්ඩුවක්. රනිල් කරන දේ ඇමති දන්නේ නැහැ. ඇමති කරන දේ රනිල් දන්නේ නැහැ. එහෙම ආණ්ඩුවලට යන්න පුළුවන්ද?

සංවිධානයක් නැති, විනයක් නැති ආණ්ඩු තියෙනවා පක්ෂ තියෙනවා. ඒ පක්ෂවලට කරන්න පුළුවන් මේ විනාශය මේ විදිහටම ඉදිරියට ගෙනයන්න විතරයි. රනිල් වික්‍රමසිංහට පුළුවන්ද අපේ රටට විනයක් ගේන්න. රනිල් වික්‍රමසිංහලාට පුළුවන්ද අපේ රටට විනයක් ගෙන්න. බැහැ. මේ රට හදන්න විනයක් අවශ්‍යයි. නීතියට ගරු කරන සමාජයක් අවශ්‍යයි. නීතියට යටත් වෙන සමාජයක් අවශ්‍යයි. අන්න ඒ සමාජය ගොඩනැගීම ජාතික ජන බලවේගයට අත්හරින්න බැරි ලෙස පැවරී තිබෙන වගකීම, අපි ඒක ඉටු කරන්න ඕනා.” 

කොළඹ රැළිය (සජීවි)

දිසානායක මහතා මේවන විට ජාතික ජන බලවේගයේ කොළඹ පැවැත්වෙන මැයි රැලිය අමතමින් සිටී.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved