Connect with us

පුවත්

රනිල් – ඉන්දියා ගිවිසුම් මේ ආණ්ඩුව රටට හෙළිකළ යුතුයි – දුමින්ද නාගමුව

Published

on

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම්වල තිබෙන කාරනා වහාම රටට හෙලිදරව් කිරීම අලුත් ආණ්ඩුවේ වගකීමක් බව ජන අරගල සංවිධානය අවධාරණය කර සිටියි.

ජන අරගල සන්ධානයේ කළුතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා මේ බව කියා සිටියේ, ‘විපක්ෂය වෙනස් කරමු !’ තේමාවෙන් කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් ජන අරගල සන්ධානය ඊයේ (20) පස්වරුවේ මතුගම නගරයේ දී සංවිධානයක කර තිබු ජනහමුව අමතමිනි.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඉන්දියාව හා ගිවිසුම් 9ක් අත්සන් කර ඇති බවත්, මේ ගිවිසුම්වල තියෙන්නෙ මොනවද කියලා අදටත් රටට හෙළිකර නැතැයි ද ඔහු එහිදී අවධාරණය කළේය.

“මේ ගිවිසුම් අත්සන් කලේ 2023 ජුනි 22. රටේ ජනතාව බරපතළ පාවාදීමකට ලක්කරන කොන්දේසි තමයි මේ ගිවිසුම් ඇතුලේ තියෙන්නෙ. ඒක තමයි ඒ ගිවිසුම්ව්ල තියෙන්නෙ. ඒ ගිවිසුම්වල තියෙන්නෙ මොනවද කියලා රටට හෙලිකරන එක අලුත් ආණ්ඩුවේ වගකීමක්.” යැයිද නාගමුව කියා සිටියේය. 

එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව තවදුරටත් මෙසේද පැවසීය.

” මේ මහමැතිවරණය පැවත්වෙන්නේ රට විශාල දේශපාලන පරිවර්තනයකට මුහුණ දුන්න මොහොතක. කාලයක් රටේ දේශපාලන බලය හොබවපු දේශපාලන පවුල් ගණනාවකට බලය අහිමි වෙලා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා. ඒ වෙනස ඇතිවෙන්න මූලිකම හේතුව තමයි පහුගිය කාලේ රටේ ඇති වුන ජන අරගලය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපි ඒ ජන අරගලය ඇතුලේ විශාල කාර්‍ය කොටසක් කලා. ඒ නිසා තමයි අපි හිතන්නේ ඒ අරගලයේ ජයග්‍රහණය අඛණ්ඩව ඉදිරියට යන්න ඕන කියලා.

පසුගිය ආණ්ඩු විසින් නිර්මාණය කරල ගිය අනතුරු ගණනාවක් දැන් මේ අලුත් ආණ්ඩුව ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. 

ඒ වගේම තමයි මේ විනාශකාරී ගිවිසුම් වලින් රටත් ජනතාවත් මුදාගැනීමේ අභියෝගය ඔවුන්ට තියනවා. ඒ මැදිහත්වීමේ මූලික පියවර වශයෙන් මේ මැතිවරණ කාලය තුළම ඒ ගිවිසුම් රටට හෙලිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා.

අපි දන්නවා ජනාධිපතිවරණය තුළ ආණ්ඩුව මේ මේ ප්‍රශ්නය එතරම් අවධාරණය කලේ නෑ. නමුත් දැන් ඔවුන් තමයි රටේ ආණ්ඩු බලය හොබවන්නේ. ඒ නිසා ජනතාවට වගකියන්න ඕන.

අපි දන්නවා සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් අවසන් වෙලා මහමැතිවරණයක් පවත්වද්දි ජනාධිපතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව තමයි මහමැතිවරණයේ ප්‍රතිඵල ක්‍රියාත්මක වෙන්නෙත්. ඒක නිසා ගොඩක් මාලිමාව ඉදිරි මහමැතිවරණයත් ජය ගන්න බොහෝ දුරට ඉඩ තියනවා.

හැබැයි ඔවුන් දැන්වත් තමන්ගේ ප්‍රතිපත්ති ගැන රටට පැහැදිලිව කියන්න ඕන. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඔවුන් කිව්වෙ විකල්ප ණය තිරසර කරනවා කියලා. ඒ සැලසුම දැන් රටට කියන්න ඕන. නැත්තං අර රනිල් වික්‍රමසිංහගේ පාවාදීමේ ප්‍රතිපත්තියම තමයි ඉස්සරහට යන්නේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා රනිල් වික්‍රමසිංහ 2028 අවුරුද්දේ පුපුරන්න නියමිත කාල බෝම්බයක් අටවල ගිහිල්ලා තියෙන්නෙ. 2043 වෙනකල් රටේ සියලු දරුවන්ට පවා ණය ගෙවන්න වෙන ණය උගුලක් තමයි ඔව් අටවල ගියේ. ණය කප්පාදුවක් කලා කියලා පහුගිය කාලේ පම්පෝරි ගැහුවට 9.5% පමණ පොලියක් ගෙවන්න තමයි එකඟ වෙලා තියෙන්නේ. ඒක නිසා පැහැදිලිව පේනවා මේ රට දැවැන්ත උගුලක තමයි මේ හිරකරල ගිහිල්ලා තියෙන්නෙ.

දැන් රටේ ජනතාව අනුර දිසානායක ප්‍රමුඛ මාළිමාවට බලය දීලා තියෙන්නෙ මේ උගුලෙන් රට මුදාගනීවි කියන විස්වාසයෙන්. හැබැයි මේ දේශපාලන අර්බුදය ඇතුලේ ජාතික ජන බලවේග ආණ්ඩුවට සාපේක්ෂව ශක්තිමත් විපක්ෂයක් රටට අවශ්‍යයි. මේ දේශපාලන ප්‍රශ්නය හරියට ජනතාවට සන්නිවේදනය කරන්න පුලුවන් විපක්ෂයක් තමයි රටට අවශ්‍ය. පාර්ලිමේන්තුව ඇතුලේ ඩෙඟා නටන විහිළු සපයන විපක්ෂයක් වෙනුවට ප්‍රතිපත්ති ගරුක විපක්ෂයක් අවශ්‍යයි. සදාචාරාත්මක බලයක් සහිත සටන්කාමී විපක්ෂයක් අවශ්‍යයි. මොකාද අපි දන්නවා දැන් ඉන්න විපක්ෂය ආණ්ඩුවට ඇඟිල්ලක් දික්කරන්න ගියොත් ඔවුන්ට ඇඟිලි දහයක් දික් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන විපක්ෂය පුස් වෙඩි වගේ. ඒ නිසා අපි රටේ ජනතාවට කියනවා විපක්ෂයත් වෙනස් කරමු. ජන අරගල සන්ධානය එක්ක ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කරන්න එකතුවෙන්න කියන ආරාධනය අපි ජනතාවට

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved