Connect with us

පුවත්

රනිල් දාලා ගීතා සජිත් ගාවට ආපු හේතුව

Published

on

මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් එය දැනගෙන තමන් ද ඒ මහතාට සහාය පළකිරීමට පැමිණි බව  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

“මම එක දෙයක් දන්නවා, අපේ රටේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් තවමත් ඉටු වුණේ නැති බලාපොරොත්තු රැසක් තියෙනවා. ඒවා කරන්න කෙනෙක් නැතිව ඉන්නෙ. කාන්තාවන්ගෙ ආරක්ෂාව, දරුවන්ගෙ ආරක්ෂාව අතිවිශාල ලෙස මේ රටට අවශ්‍ය මොහොතක – මම දන්නවා ගිය වර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ගැන කියනකොට අපේ එවුන් හිනාවුණා. හැබැයි තාමත් බැරිවුණා මේ රටේ ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න හරියට. ඇයි උන්ට ඒක කරන්න බැරිවුණේ හරියට ? නමුත් හිනාවුණා, අපහාස කළා. ජනතාවට ඒ වගේ උදව් උපකාර කරන්න පුළුවන් නායකයෙක් නම් ඔහු මේ රටේ මීළඟ ජනාධිපති වෙනවා වෙනවාමයි. කවුද මගෙන් ඇහුවා සජිත් මහත්තයා දිනනවා කියලා දැනගෙන නේද ආවෙ කියලා. ඔව්, මම දැනගෙන තමයි ආවෙ. ඒක කාටවත් නෑ , බෑ කියන්න බෑ, එතුමා දිනනවා දිනනවාමයි”

ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවරදී පැවති සමගි ජන සන්ධානයේ ජන රැලියට එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමෙන් අනතුරුව එම රැලිය අමතමිනි.

සබැඳි පුවත්

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved